අන්ධ පෙම්වතාගේ පාට පාට හීනය ( පද්‍ය)
සම්පත් බණ්ඩාර
සීවලි මධ්‍ය විද්‍යාලය
රත්නපුර
කටුක නීරස තැවුල් පිරුනු ජීවිත දැහැන
බිදහෙලා මිලින වූ මහද යලි පුබුදන්න
ආලයේ ගාථාව හීනියට කොදුරන්න
සිහිල් පවනක් වෙලා මා ලොවට පැමිනෙන්න
විඩාබර දෑස් අඩවන් වෙනා ගොම්මනක
නෙතග මත සායමින් නෙකරටා කරවන්න
අදුර පිරි මා ලොවට දේදුන්න පායන්න
දිගම දිග හීනයක් වී රෑට ඔබ එන්න
සංසාර දනව්වේ හතර අත දිව ඇවිත්
හති වැටුනු කල්පාන්තයක ඉසිබුව වෙන්න
ඔය තුරුල මගේ ලොව මල් යහන කරගන්න
මා නොරිද්දා ඔබේ හසරැල්ල මට දෙන්න
කාත් කවුරුත් නැතිව තනි වෙච්ච වෙලාවක
මහද පාරවන ඒ තනිකමේ තිත වෙන්න
ඔය දෑල මේ දෑල හා එකට ඈදන්න
මං හදන පාලමට ඔබම අත්වැල වෙන්න
විසඝෝර නයි පිරුන කිරි මුහුද කලබන්න
ගිනි බෝල වැසි වසින ගොලු අහස දෙදරන්න
එකට අත්වැල් බැදන් පියබන්න කිමිදෙන්න
කතරකට වස්සානයක් වෙලා ඔබ එන්න
Comments
Post a Comment