රුපියල හා තෙත හිත ( කවි)


 
චන්දිම සුපුන් 
නීති පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය



රුපියලක් වැටුනාම

හිඟාකන බෙලෙක්කෙට

රෑ කෑම හිනාවෙයි

අන්ධ මගෙ දෑස් යට


පාරෙ පේමන්ට් එකෙත්

උණුහුමට නිදන මට

සත්මහල් ප්‍රාසාද 

තැනුනාම ඉඩක් නැත


ළයිට් එළි නැතිවාට

ඇට කාසි ගනින්නට

දෙවේලක් මැරෙනවා

රස නහර තෙමන්නට


දුටුවනම දුර බැලෙන

සොබාවට කමා කර

මහත්තුරු නොබැලුවොත්

අදත් හාමතේ මම


හිමිදිරියෙ වහන් වී

දවාලේ සිඟන්නට

සොයන්නේ තෙත හිතක්

තව දිනක් යැපෙන්නට

Comments

Post a Comment

Popular posts from this blog

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?