අසම පෙම ( කවි )



චන්දිම සුපුන් 
නීති පීඨය 
කොළඹ විශ්වවිද්‍යාලය


දෑස පොඩිකර  බලන බැල්මක

අහඹුවෙන් දුටු අසිරියක්


හැඩට පෙනෙනා හදම බැඳෙනා

අසම සම එක් රූපයක්


මගේ මන බැඳි හදේ ඉඩ මදි

හැඟුම් උතුරන හීනයක්


මුවට ගොළුවන හදට අමතන

කියාගනු බැරි ගීතයක්


මටත් හිමිනැති ඔබත් දන්නැති

අමතක නොවෙනා ප්‍රේමයක්

   

   🖋️ පබැඳුම - චන්දිම සුපුන් 

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)