වඩින්නට හැකි නම් නැවත හිමි හට ( කවි )
සෞභාග්‍යයා ජයසිංහ
හෙද ශිශ්‍යා
සසර කෙලවර දකින යන මග
දෙපස ඔබ මොබ සරති නෙක දන
පංච ඉඳුරන් පිනවමින් නෙක
ගමන යති සැම නතර නොකොටම
සුවහසක් දන නිවන් මඟ වෙත
යොමු කෙරූ බුදු හිමි දෙසූ බණ
අරුත් සුන් ලෙස ලෝ තලය තුළ
තිබේ හිස් වූ මිනිස් සිත් තුළ
වඩින්නට හැකි නම් නැවත හිමි හට
හැකිය මගඵල ලබා ගන්නට
නිමා කර දුක් දරා ආ මග
වැළඳ ගන්නෙමි නිවන් යන මග
Lassanai
ReplyDeleteහිමි නැවත වැඩි දාක,
ReplyDeleteනිමා කරනට සසර දුක් කද..
අරුත් සුන් මේ ලෝ තලය තුළ,
හමුවේවි අප එකම මාවත..