ළගම පාසල (නිසඳැස්)


චාමර කසුන්
ශාස්ත්‍ර පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය



එක පෙළට විදී අයිනේ නැගුන 
සුවිසල් මුඩුක්කු මන්දිරවල
තෙකලා සඳ එළියෙන්
පොත් බලන කුමර ජිවිත
ඉන්නවා රජ විදියේ එක පසෙක
කුණු කන්දෙන් නැගෙන
අසිරිමත් දිවබොජුන් බුදින
පිළී සුවද පැනින්
සැමදා ගත සනහන
අකුණු පහරට විසිකරන
යකඩ කුමරවරු
ඉන්නවා විදියේ අනෙක් පස
ළඟම පාසල හොඳ ම පාසල
කියයි මැතිවරු තලුමරා හැමදෑම
රටවටා දුගි දරුවන්
ඇවිත් හින්දා අපේ පුරයට
පියාණන්ට වැඳ වැටි පවසලා 
කුමරුන්ට තරම් නෑ
අසිරිමත් ළඟම පාසල....
                   

Comments

Popular posts from this blog

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?