" රට හදන්න අපිට තුනෙන් දෙකක බලයක් දෙන්න"



අසිඳු  මුණසිංහ 
සීවලි මධ්‍ය විද්‍යාලය


 
මැතිවරණ වේදිකාවේ ඇසෙන ප්‍රධාන ඉල්ලීමකි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන 225 කි.  2/3 ක් යනු මන්ත්‍රීවරුන් 150කි. පවතින සමානුපාතික නියෝජනය තුළ නම් එය අපහසු දේශපාලන ඉලක්කයකි .

වත්මන් රජයට ද එම ඉලක්කය සපුරා ගැනීම එතරම් පහසු අඩියක නොපවතී. මන්දයත් 2019 ජනාධිපතිවරණ ප්‍රතිපල අනුව ආණ්ඩුවට ලැබෙන්නේ මන්ත්‍රී ආසන 127ක් පමණි. 150 කරා යාමට ඔවුන් තවත් ආසන 23ක අණසක ලබාගත යුතුය. පවතින සමානුපාතික නියෝජනය තුළ එය ප්‍රශ්නාර්ථයකි.

 විශේෂත්වය නම්  1977 න් පසුව මෙරට කිසිදු පක්ෂයක් හෝ සන්ධානයක් 2/3 ක බලයක් *ඡන්දයකින්* හිමි කර ගෙන නොමැති වීමයි.

හැත්තෑ හතෙන් පසුව කිසිවකු තුනෙන් දෙකක් ජයග්‍රහණය කර නොමැති උවත් අවස්ථා දෙකක දී විවිධ පක්ෂ එකතු කරගෙන *තුනෙන් දෙකක් හදා ගැනීම* දක්නට ලැබේ 

1)  2010 රාජපක්ෂ පාලන තන්ත්‍රය 
2) 2015 යහපාලන රජය 

2010 ජනාදිපති වරණය  යුධ ජයග්‍රහණයේ උණුසුමත් සමග මහින්ද රාජපක්ෂයන්  ජයග්‍රහණය කළේ 57.8%  ඡන්ද ප්‍රතිශතයකිනි. (2019 ගෝඨාභය 52% කි.)
මහ මැතිවරණයේදී ඔවුන් ආසන 144ක් හිමි  කර ගත්හ. ආණ්ඩුව පිහිටුවීමේදී TNA, ඊපීඩීපී, muslim congress සමග තුනෙන් දෙකක් හදා ගැනීමටත් සමත් විය.

 *එම තුනෙන් දෙකේ බලයෙන් ආණ්ඩුව කළෝ කවරක්ද?* 
1)දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලදී .එ මඟින් ,
* ජනාධිපතිවරයාට ධුරය දැරිය හැකි වාර ගණන අසීමිත කිරීම.
* ස්වාධීන කොමිෂන් සභාවල කොඳු නාරටිය කඩා ඉවත් කිරීම. 
* රාජ්‍ය සේවා කොමිසම,  පොලිස් කොමිසම,  මැතිවරණ කොමිසම ජනාධිපති ගේ පදයට නටන රූකඩ බවට පත්වීම.
*ඒකාධිපති අත්තනෝමතික සංවරණය නොවූ බලතල සහිත ජනාධිපති තනතුරක් බිහිවීම.

2) හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය තුනෙන් දෙකේ බලයෙන් සම්මත කර ඇයව ධුරයෙන් නෙරපීම.
හදාගත්ත තුනෙන් දෙකේ බලයෙන් ආණ්ඩුව සිදු කළ ප්‍රධාන නෛතික භාවිතාවන් ද්විත්වය මෙයයි.

*ආණ්ඩුව මෙවර තුනෙන් දෙකක් ඉල්ලන්නේ ඇයි ?* 

#දහනව වන සංශෝධනය ඉවත් කිරීමට.
1. එවිට අප නැවත යන්නේ ඒකාධිපති දහඅට වෙත ද ?
2. විසිවන සංශෝධනය සම්මත කරන්නේ  ද?
3. 19 ඉවත් කරනා විට ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ බලය සංවරණය වීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම වැනි සුභාවිතාවන්ට සිදු වන්නේ කුමක්ද ?
4. විය යුත්තේ දහනමය ඉවත් කිරීම ද? නැතිනම් පාර්ලිමේන්තුව තුළ එහි ඇති ප්‍රායෝගික ගැටළු නිරාකරණය කර ගැනීම ද ?
 
 *තුනෙන් දෙකක බහුතර බලයක් සහිත අතීත ආණ්ඩුවල ක්‍රියා කලාපය කෙසේද ?* 

1)1970 සමගි පෙරමුණ රජය - (2/3 ක බලය )
මෙරට පළමු ජනරජ ව්‍යවස්ථාව ගොඩනැගීම. 1977 මහ මැතිවරණයේදී ආසන අටකට පසු බැස අන්ත පරාජයක් ලැබීම.

2)1977 එ.ජා.ප.ය - (5/6 ක බලය )
1978 ව්‍යවස්ථාව ගොඩනැගීම.
වසර දොළහකට මැතිවරණ සිතියම හකුලා දැමීම.
89 භීෂණයට මංපෙත් විවර වීම.

3)2010 එ.ජ.නි. සන්ධානය -  (හදාගත් 2/3 ක)
ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වූ 18වන සංශෝධනය සම්මත කිරීම  හා අගවිනිසුරු ධුරයෙන් නෙරපීම.
යුද්ධය දිනූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වී මැදමුලනට යාම .

4)2015 යහපාලන ආණ්ඩුව ආණ්ඩුව - (එ.ජා.ප. හා  ශ්‍රි.ල.නි.ප. හදාගත් 2/3 ) 
තුනෙන් දෙකක බලය ගොඩනැගීමට එකතු එජාපය හා ශ්‍රීලනිපය යන දැවැන්ත පක්ෂ දෙකම බිඳී විනාශ වී යාම හා පැවති ආණ්ඩුව බරපතළ පරාජයකට පත් වීම.


 *උගත් පාඩම් ඇසුරෙන් තුනෙන් දෙකක බලය ?* 

* මෙතෙක් ඉතිහාසයේ 2/3 ක බලයක් ලැබූ හා 2/3 ක් හදා ගත් සෑම රජයක්ම ඊළඟ මැතිවරණය දී අන්ත පරාජයකට ලක්විය .
(1977 හයෙන් පහක බලය 89 භීෂණයෙන් අවසන් විය )

* අතීත අත්දැකීම් අනුව නම් තුනෙන් දෙකක් ලබා ගැනීම ජනාධිපතිවරයා දෝෂාභියෝගයෙන් ඉවත් කිරීම හා සමාන ප්‍රායෝගිකව මෙතෙක් ඉටු නොවන කාරණයකි. නමුත් මැතිවරණයෙන් පසුව තුනෙන් දෙකක් හදා ගැනීම නම් ඉතා පහසු සාමාන්‍ය ක්‍රියාවලියකි .

පරමාධිපත්‍ය බලයේ හිමිකරුවා ජනතාවයි. පාලකයන්ට පත් කරන්නේත් ඔවුන් බලයෙන් නෙරපන්නේත් පොදු මහජනතාවයි. එබැවින් ජන සබුද්ධිකත්වය දේශපාලන සක්‍රිය භාවය මත තුනෙන් දෙක තීරණය වනු ඇත. එනමුත් එහි  සුභාවිතාවන් මෙන්ම අවභාවිතාන්ද ඇති බව අමතක නොකළ යුතුය 

 *මැතිවරණය ආසන්නයේදී බඩු මිල පහළ දැමීම, ජනමාධ්‍යයන්ගේ හැසිරීම, මැතිවරණ පොරොන්දු, එල්ල වන අභූත චෝදනාවන් හා covid වසංගතය වැනි සාධක තුනෙන් දෙක හා පාර්ලිමේන්තු බලය කෙරෙහි තීරණාත්මක කාරණාවල ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනේ .*

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)