ආදරණීය ලින්කන් (කාව්‍ය)


චන්දිම සුපුන් 
නීති පීඨය 
කොළඹ විශ්වවිද්‍යාලය


ආදරණීය ලින්කන් වෙත,


සන්ගමොන් තෙර ඇවිද යන්නට 
අපිට අපි නැති  දිනක්  ඒවී
නිව් සේලම් නගර වීදියෙ
මතක පමණක් ඉතුරු වේවී

කොන්කෝඩ් වෙත යනෙන තරමට
ඔබ මගෙන් බෝ දුර ඇදේවී
විපර්විල් හඬ ඇසෙන හැමතැන
අපේ මතකය අවධි වේවී

තිරිඟු වපුරා පිඟන් පිසලූ
සතුට විතරක් රැගෙන යාවී
ඕක් සෙවනේ තුරුලු වෙන්නට
ඒබ්, කිසිදා   මා  නොඒවී
              

                                      - ඈන්



          🖋️ පබැඳුම - චන්දිම සුපුන් 

Comments

Post a Comment

Popular posts from this blog

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)