නිවැරැදි ලෙස වතුර බොමු! (සෞඛ්‍යය)


සුපුන් ජයතිලක 
වෛද්‍ය පීඨය
රජරට විශ්වවිද්‍යාලය



අපගේ ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අනිවාර්යය සාධක ලෙස ජලය හැඳින්විය හැක.මන්දයත් මිනිස් සිරුරේ ස්කන්ධයෙන් 60% ටත් වඩා ජලය අඩංගු වීමයි.මිනිසාට ජලය රහිතව ජීවත් විය හැක්කේ  උපරිම දින 3-5 අතර කාලයක් පමණි.

ජලය අප සිරුරේ බොහෝ කාර්යයන් සඳහා දායකත්වය ලබා දේ,
    # ශරීරය විජලනයෙන් ආරක්ෂා කිරිම.
    # රුධිරගත ප්‍රධාන සංඝටකය ලෙස,ශරීරය පුරා පෝෂක ද්‍රව්‍ය  හා ඔක්සිජන් පරිවහනය.
   # සෛලයන්හි නිපදවන්නා වු අපද්‍රව්‍ය බහිස්ස්‍රවි පද්ධති වෙත රැගෙන ඒම සඳහා ද්‍රයක වීම.
   # මුත්‍රා හා දහදිය ලෙස අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීම.
# මුඛය, ඇස්,නාසය වැනි බාහිර පරිසරයට විවෘත වන පටල වල තෙතමනය පවත්වා ගනීම.
   # අප ලබා ගන්නා ආහාර වල අඩංගු පෝෂක ද්‍රව්‍ය අවෂෝෂණයට ද්‍රයක වීම.
   # ශරීර උෂ්ණත්වය නිවැරැදිව පවත්වා ගෙන යාම.
  # මලබද්ධය වලක්වා ගැනීම.
#ශරීර අවයව වල ක්‍රියාවලිය නිසි ලෙස පවත්වාගැනීම.

ආදී  වු බොහෝ ක්‍රියා සඳහා ජලය දායකත්වය ලබා දේ.
මෙම නිසා ජලය පානය කිරීම අනිවාර්යයෙන්ම කලයුතු දෙයකි.එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව දිනකට පානය කලයුතු ජල පරිමාව,
    -ළමා අවධිය(අවු:1-5)÷750-1000 මිලි ලීටර් 
    -ප්‍රාථමික අවධිය(අවු:6-10)÷ 1-1.5 ලීටර් 
    -නව යොවුන් අවධිය(අවු:11-18)÷1.5-2 ලීටර් (මධ්‍යම බරින් යුතු ළමුන් සඳහා )
    -වැඩිහිටියන් සඳහා තම ශරීරය බර 30න් බෙදා ලැබෙන පිළිතුරට සමාන ලීටර් ප්‍රමාණයක් පානය කිරීම.

දිනකට ජල පරිභෝජන =ශරීරයේ බර(කිලෝග්‍රෑම් )/30
පරිමාව (ලීටර් )

ඉහත සඳහන් වන්නේ දිනකට සමාන්‍යයෙන් පානය කලයුතු ප්‍රමාණයන් වේ.මෙම ප්‍රමාණ විවිධ අවස්ථා නිසා වෙනස් විය හැක,
      #උණුසුම් වැඩි දින වලදී
      #ක්‍රීඩා හා ව්‍යායාම කරන අවස්ථාවන්හිදී 
      #හිරු එළියට දිගු වේලාවක් නිරාවරණය වන විට
     #විදුලි පංකා හෝ වයුසමීකරණ යටතේ සිටින විට
     #දැඩි සුළං සහිත අවස්ථාවන්හිදී දිගු වේලාවක් නිරාවරණය වන විට
    #උණ/පාචනය වැනි රෝග සැදුණු විට
ඉහත සඳහන් අවස්ථාවන්හිදී දිනකට සමාන්‍යයෙන් පානය කලයුතු ප්‍රමාණයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පානය කල යුතුය.
ජලය පානය කිරීමේදී පිපාසය දැනීමට ප්‍රථම ජලය පානය වැදගත් වේ.එම නිසා නිවසින් බැහැරව යන විටදී  වතුර බෝතලයක් රැගෙන යාම ඉතාමත් සුදුසුය.එහිදී වතුර බෝතලය පාවිච්චියට සුදුසුද යන්න සොයාබැලීම   ඉතාමත් වැදගත් වේ.නියමිත ප්‍රමිතියකින් නිෂ්පාදනය කරනු ලබන සැම ජලය ඇසුරුම් කරනු ලබන හෝ අනෙකුත් පාන ඇසුරුම් කරන බෝතල් වල අඩියේ අංකයක්,කෙටි යෙදුමක් සමග සලකුණක් සඳහන් වේ. සලකුණ ප්‍රතිචක්‍රිකරණය කල යුතු යන්න සහ කෙටි යෙදුම නිෂ්පාදනය කරනු ලැබු බහුඅවයවිකය හා අංකය මගින් භාවිතය පිළිබඳ යම් අදහසක් ලබාදේ.එනම්,
       #අංක 1- මිනරල් වතුර සහ සිසිල් බීම බෝතල් 
මෙවැනි බෝතල් එක වරක් පමණක් භාවිතය සඳහා සුදුසු ය.එමෙන්ම ගබඩා කරන විටදී හිරු එළියට නිරාවරණය වී තබා ඇත්නම් එක් වරක්වත් භාවිතයට සුදුසු නොවේ.
      #අංක 2- කිරි අඩංගු බෝතල්,සබන් දියර බෝතල් 
      #අංක 3-සෙදුම්කාරක,එළවළු තෙල් බෝතල් 
     #අංක 4-ඉතා තුනී  ප්ලාස්ටික් වේ.
     #අංක 5-පාසල් ළමුන් ජලය රැගෙන යන බෝතල් 
මෙම බෝතල් නැවත නැවතත් භාවිතයට ගත හැක නමුත් අවුරුදු ගණනක් භාවිතය නිර්දේශ නොකරයි.
      #අංක 6- එක වරක් භාවිත කර ඉවතලන බිත්තර අසුරන වැනි දෑ
      #අංක 7- ලීටර් 20 වතුර බෝතල්  
මේවද කලක් පරිභෝජන සඳහා නිර්දේශ කරයි.නමුත් පලුදුවීම් ඇත්නම් ඉවත් කිරීම සුදුසුයි.

කෙසේ නමුත් ප්ලාස්ටික් බෝතල් වල අඩංගු සංඝටක පිළිකා කාරක විය හැකි බව පරික්ෂකයන්ගේ මතයයි.ප්ලාස්ටික් බෝතල් වෙනුවට වීදුරු හෝ මල නොබැදෙන වනේ බෝතල් භාවිතා කල හැක.ඒවයින් ඇතිවන සෞඛ්‍යමය බලපෑම් අවම වේ.
තමන් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නේද යන්න දැන ගැනීමට ඇති එක් සාධකයක් නම් මූත්‍රා වල පැහැය වේ.ජලය ප්‍රමාණවත් නම් මූත්‍රා අවර්ණ වේ.තමන් දිනකට සමාන්‍යයෙන් පානය කල යුතු ජල පරිමාව පානය නොකරන්නේ නම් ,
     # ශරීරය විජලනයට ලක් වීම
     # මූත්‍රා තද කහ පැහැයක් ගැනීම 
     # ඉක්මනින් කේන්ති යාම
     # සම වියළිම හා රැළි වැටීම
     #නිදිමත හා ශරීරික දුර්වලතා ඇතිවීම 
මේ අදී වූ බෝහො වෙනස්කම් ඇතිවිය හැක.අපට ජලය පානයට අමතරව ජලය අඩංගු  එළවළු,පලතුරු ආහාරයට ගත හැක.තවද ස්වභාවික  පලතුරු පාන වර්ග ,කොළකැඳ වැනි ජලය අඩංගු පානයන් භාවිතයට ගත හැක.කෘතීම පානයන් බීමට ගැනීම අවම කල යූතුය,මන්දයත් ඒවායේ අධික ලෙසින් සීනි හා රසායනික ද්‍රව්‍ය අඩංගු වේ.එම නිසා කෘතීම බීම භාවිතය දියවැඩියාව,හෘද රෝග වැනි බෝ නොවන රෝග සඳහා අත වැනීමක් වැනිය.මීට අමතරව කෘතීම බීම වල කැලරි ප්‍රමාණය අධික වේ එමගින්  ස්ථුලතාවය ඇති වීමට සෘජුවම බලපෑම් ඇති කරයි.
මේ අනුව බලන කල හොඳම පානය ජලය වේ.ජලය පානය කරන විටදී ද පිරිසිදු ජලය පානය කිරීම,හැකි සැම විටම උණු කර නිවා ගත් ජලය පානය වැදගත් වේ.


   

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)