ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?


 සුපුන්  ජයතිලක 
වෛද්‍ය පීඨය
රජරට විශ්වවිද්‍යාලය


ජංගම දුරකථනයක් යනු වර්තමානය වන විටදී අත්‍යවශ්‍යය භාණ්ඩයක් බවට පත් වී හමාරය.දුරකථනයක් භාවිතයට නොගන්නා පුද්ගලයන් අද සමාජය තුළ සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයක් වේ.බොහෝ දෙනා සතුව මේ වන විට  අවම වශයෙන් දුරකථන එකක් හෝ ඇත. බාල මහළු වයස් භේදයකින් තොරව සියල්ලෝම පහේ එය භාවිතය ඉගෙන ගෙන ඇත.ඒ මගින් එදිනෙදා පණිවුඩ හුවමාරුව ඉතාමත් පහසු කිරීමට සමත් වී ඇත.වර්තමානයේදී අන්තර්ජාල පහසුකම් සමග බොහෝ වැඩකටයුතු ප්‍රමාණයක් දුරකථන හරහා කර ගෙන යාම හැකියාව ඇත.ඒව අතර ඉතාමත් වැදගත් හා තමට මෙන්ම සමාජ ඉතා අහිතකර දේ ඇතුළත් බව නොරහසකි.මෙම ලිපිය ඔස්සේ සාකච්ඡාවට ලක් කරනුයේ  දුරකථන භාවිතයෙදී නොදැනුවත්ව අපට සිදුවන යම් යම් අවාසිදායක දේවල් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම පිළිබඳවයි.


අප භාවිතා කරන ජංගම දුරකථන අප සමග නොයන තැනක් නොමැති තරම්ය.උදාහරණයක් ලෙස වැසිකිළි හෝ නාන කාමරයටද එය රැගෙන යාමට සියල්ලෝම පහේ පුරුදු වී ඇත. එම නිසාවෙන් ඉතා අධික ලෙසින් විෂබීජ දුරකථන මතුපිට තැම්පත් වීම සිදුවේ.මේ නිසා විවිධ රෝග සැදීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.වැසිකිළියට දුරකථනය රැගෙන යාම මගින් E.coli නම් බැක්ටීරියාව ඉතා පහසුවෙන් දුරකථන මත රැදීමට ඉඩ ඇත.එය පාචනය වැනි රෝග සැදීමට හේතු වේ.එමෙන්ම මේ දින වලදී වසන්ගතයක් බවට පත් වී ඇති කොරෝනා වෛරස විෂබීජද දුරකථන මත රැදී තිබීමට හැකි බව පරීක්ෂකයන් තහවුරු කර ඇත.මේ නිසාවෙන් අවම වශයෙන් දිනකට එක් වතාවක්වත් මද්‍යසාරය අඩංගු විෂබීජනාශක දියරයකින් පිරිසිදු කිරීම සුදුසු වේ.


දුරකථන භාවිතයෙදී අපගෙ ගෙල ප්‍රදේශය ගැන අවදානය යොමු නොකරයි.එහෙත්  බොහෝ වේලා ගෙල ප්‍රදේශය නවා ගෙන සිටීම නිසාවෙන් ගෙල ප්‍රදේශයේ මාංශපේශී දුර්වල වීමට හැකියාවක් ඇත.එමගින් යම් අයුරින් කුදු වීමක් ගෙල ප්‍රදේශයේන් ඇතිවිය හැක.එමෙන්ම මාංශපේශී සංකෝචනය මගින් අධික වේදනාවක් ගෙල හා පිටුපස ප්‍රදේශයේ ඇතිවිය හැක.එම නිසා දිගු වේලාවක් දුරකථන මත භාවිතයෙදී සෑම විනාඩි 20ක වරක්වත් යම් විවේකයක් ගෙල ප්‍රදේශයට ලබා දීම වැදගත් වේ.


දුරකථනයෙන් ඇමතුමක් ගැනීමේදී  යම් යම් වැරැදි දේ අප විසින් සිදු කරයි එනම් වාහනයක් පදවන අතරතුර ඇමතුම් ගැනීම.එය   බොහෝ  රිය අනතුරු සඳහා වර්තමානයේ හේතුවන කරනාවකි.එයට හේතු ලෙස පිටත පරිසරය පිළිබඳ අවදානය අවම වීම,ඇමතුම ඉතා දුක් මුසු හෝ කලබල කරවන්නක් වීම වැනි දෑ වේ.එම නිසා වාහනයක් පදවන අතරතුර ඇමතුමක් ගැනීම නොකර වාහනය නවතා ඇමතුම ගැනීම  සුදුසුය.එමෙන්ම  ඇමතුමක් ගැනීමේ දී දුරකථනය තබා ගැනීමේ දී යම් වැරදි ඉරියව් භාවිතා කරයි.උදාහරණයක් ලෙස උරහිස හා කන අතර එය රදවා ගැනීම.ඒ මගින් ගෙල ප්‍රදේශය දිගුවේලාවක් තබා ගැනීම  නිසා  ගෙල ප්‍රදේශයේ වේදනාවක් ඇති වීමට හැක.එම නිසා එවැනි දේ අවම කර ගැනීම සඳහා නිවැරැදි ඉරියව් භාවිතය වැදගත් වේ.


දුරකථන තිරය මගින් නිකුත්වන නිල් පැහැති කිරණ අඩු තරංග අයාමයක් හා සංඛ්‍යාතයකින් යුක්ත කිරණක් බැවින් අප දහවල් කාලයේදී හිරු එළියට නිරාවරණය වී තවදුරටත් රාත්‍රී කාලයේදී ශක්තිය සාපේක්ෂව අධික කිරණ වලට නිරාවරණය අහිතකර වේ.එනම් බොහෝ දෙනා අදුරේ පවා දුරකථන භාවිතය පුරුදු වී සිටී.මෙම නිල් අලෝකය හෘද රෝග ,දියවැඩියාව හා ස්ථුලතාවය වැනි රෝග සැදීමට යම් දායකත්වය ලබා දෙන බව පරික්ෂකයන්ගේ මතයයි.තවද නිල් අලෝකය ඇස් සඳහා අහිතකර විය හැක.එනම් දුෂ්ඨි ස්නායු විනාශ වීම,ඇසේ වේදනාවක් ඇති වීම වැනිදේ .ඉඑම නිසා අදුරේ දුරකථන භාවිතයෙන් වැලකී සිටීම ඉතාමත් සුදුසුවේ.


ඇවිදිමින් සිටින විට දුරකථන භාවිතය අප සිදුකරනු ලබන ඉතා වැරදි ක්‍රියාවකි.මක්නිසාද එමගින් තමා ගමන්කරනු ලබන මර්ගයේ ඇති බාධක පිළිබඳ නිසියාකාර අවබෝධයක් නොමැති වීම.ඒ නිසා විවිධ අනතුරු වලට මුහුණ දීමට සිදුවේ.එමනිසා ඇවිදින විටදී ඒ සඳහා සිහි එලඹවා සිටීම අනතුරු අවම කර ගැනීමට වැදගත් වේ.එවැනි විටදී දුරකථන භාවිතය අවම කිරිමට සැලකිලිමත් වෙමු .


බොහෝ දෙනා වද වන කරණයක් වන්නේ දුරකථන භාවිතය පිළිකා හෝ මොලයේ අසාමාන්‍ය ගෙඩි වර්ධනය වේ යන්නයි .මෙම කරණාව මේ වන තෙක් පරීක්ෂණ මට්ටමෙන් හරියාකාරව සනාථ කර නොමැති වූව ද යම් තරමක සත්‍යයක් තිබීමට හැක.මක්නිසාද එමගින් අධික තරංග ප්‍රමාණයක් පිටවන නිසාවෙන් වේ.එම නිසා බොහෝ වේලා ඇමතුමක් ගැනීම වැනිදේ සිදු කරන්නේ නම් speaker mode , headset භාවිතය සුදුසු වේ.තවද නින්දට යාමේදී දුරකථනය නිදනකාමරයෙන් දුරස්ව තැබීම හෝ අවම වශයෙන් තමා නිද ගන්නා ස්ථායෙන් දුරස්ව තැබීම සුදුසුය.මෙමගින් දුරකථන මගින් නිකුත්වන තරංග වලට නිරාවරණය වීම යම් ප්‍රමාණයකින් අවම කල හැකිය.


දුරකථන භාවිතයෙදී කෙටි පණිවිඩය යැවීම වැනි කර්යයන් සඳහා බහුලව මාපටගිල්ල උපකාරී කරගනු ලබයි.මේ නිසා මාපටගිල්ලේ වේදනාවක් මෙන්ම එහි ඇගිලිපුරුක් සම්බන්ධ වන ස්ථාන වලින් වේදනාවක්(thumb arthritis ) ඇතිවිය හැක .මේ නිසාවෙන් එවැනි දේ ගැන අවදානය යොමු කිරීම වැදගත් වේ.එමෙන්ම දුරකථනය අප අත්ල මත රදවා ගන්නා විටදී අතේ බහුව බොහෝ විට මේසයක් මත හෝ යම් තැනක් මත ආධාරකයක් සේ තබා ගනු ලබයි එම නිසා අතේ ඇගිලි වලට සම්බන්ධ ස්නායු තදවීම සිදුවේ.එමගින් සුලගිල්ල හා වෙදගිල්ල හිරිවැටීම මෙන්ම අතට යම් වේදනාවක් ඇතිවේ.එම නිසා බොහෝ වේලා එම ඉරියව් භාවිතා කිරීම සිදු නොකිරීම ඉතා වැදගත් වේ.තවද දුරකථනය මේසයක් මත තබා භාවිතයද මේ සඳහා පිළියමක් වේ.


අද සමාජය තුළ අන්තර් සම්බන්ධතා යම් තක් දුරට ගිලිහීමට දුරකථන භාවිතය හේතු වී ඇත.උදාහරණයක් ලෙස පවුලක් තුළ වුවද එකිනෙකා අතර අදහස් හුවමාරුව ඉතාමත් දුර්වලය.මක්නිසාද සියල්ලෝම පහේ දුරකථන භාවිතය නිසා එය තුළ සිරවී සිටී.එකට එකතුවී සතුටු සාමිචියේ යේදීමවත් අද දක්නට නොමැති තරම්ය.මේ අනුව බලන විට දුරකථන යනු යම් ආකාරයක  සමාජ බැදීම් කඩා දමන මෙවලම්ක් ලෙස හැදින්විය හැක.මේ නිසා දුරකථන භාවිතයෙදී ඉතා අවබෝධයෙන් භාවිතා කිරීමට සිහි තබාගමු.

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)