පෙම්වතියකගේ ආදරය
චන්දිම සුපුන්
නීති පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය
නින්ද නැති රාත්‍රියක
නින්ද අතරින් එබෙන
ඔබයි නිදි කුමරිය
මා මනස නිදි කරන
දහක් කම් කටොලු මැද
දැවෙන හදවත අසල
ඔබයි සීතල සුළඟ
මා හදට සුව ගෙනෙන
අනන්තය දුටු යුගය
නිමාවක් කරවන්න
ඔබයි මග පෙන්වන්නි
සත් සයුරු ජය ගන්න
දහක් සෙනඟක් අතරෙ
අතරමං වුණු හිතට
ඔබයි සුමිහිරි ඇසුර
දිවිතුරා සිත් ගත්ත

Comments
Post a Comment