ගාගත් සීලය
සෞභාග්‍යයා ජයසිංහ
හෙද ශිශ්‍යා
නූතන සීලය කවුරැත් කතා නොකරනා මාතෘකාවක්ය.අපි ඒ ඔස්සේ කතාව ආරම්භ කරමු.
බුදුන් වැඩි මග ඔස්සේ යන මහත්ම මහත්මීන්ගෙන් අනෙක් දින වලදී හිස් වූ පන්සල් මාසේ පෝදාට පිරී ඉතීරී යයි..
වැඩිමනක් සිල් ගැනීමට ආ උපාසක උපාසිකාවන්ය...මම අද ඔවුන් ගැන කතා කිරීමට කැමැත්තෙමි .උදේ රැයින් නැගිට සුදු පිරැවෙන් ඇද උතුරැ සලුවද කරේ දමාගෙන විග විගහට පන්සල වෙත පැමින බන සාලාවේ මුල්ලක්,බිත්තියේ අයිනක් අල්ලා ගන්නේ සුවපහසුවට බන ඇසීමටය..සියල්ලෝම මේ කොටසට අයිතියයි මා පවසන්නේ නැත.බහුතරයක් මෙසේය.තමන්ට අවශ්‍ය තැන නැතිකල බන සාලාවේ වලිය.පැදුරැ බෙදා ගැනීමට, එලා ගැනීමට ගියකලත් වලිය.කෙසේ හෝ හිද ගැනීමටත් තැනක් හදා ගත්තාට පසුව සියල්ලෝම අටසිල්හි ,දසසිල්හි පිහිටුවන්නේ පන්සලේ නායක හාමුදුරුවෝය..දැන් හරි නම් පන්සලට උදේ පැමිනි පුද්ගලයා නොවේ.සීලයේ පිහිටුවීමෙන් පසුව චරිතය වෙනස් වේ. පැය කීපයක් යනතුරු පන්සල් ආවේ කුමකටදැයි සිහි තබාගෙන වැඩ කරයි.බුද්ද පූජාව සූදානම් කිරීම තරම් පිනක් මිහිපිට නැතියැයි සිතන උපාසක අම්මලාගෙන් පන්සලේ දාන සාලාව පිරී යයි.එතන එකම යුද පිටියකි.සියල්ලන්ගේම ඒකායන අරමුන වන්නේ බත් හැන්දක් ,මාලුව හැන්දක් බෙදා ගැනීමය.ඉතිං බුද්ද පූජා බාජන පිරී ඉතිරී යන්නේ උපාසක උන්දැලාගේ ශ්‍රද්ධාව දෝරෙ ගලනා සැටි පෙන්නුම් කරමිනි.ඉන්පසු වලිකන්නේ බුද්ද පූජාවට අත ගැසීමටය.එය රැගෙන යන පිරිසත් පෙරලාගෙන කකුල් පාගගෙන ,ලග ඉන්න එකාගෙ කරටත් උඩින් අත ගැසූ කල හිතට හොදය.ලොකූ පිනක් කරගත්තා යැයි හිත සනසවාගන්නේය.බන සාලාවට ගිය කල නානාප්‍රකාර උපාසක බැතිමතුන්ය.හාමුදුරුවෝ බන දේසනා කරනා විට කියන කියන එකට සාදුකාර දෙන ආච්චිඅම්මලාය.හයේ හතරේ ලෑලි ඉරන්නා මෙන් සද්ද පූජා පවත්වමින් කටත් ඇරන් ගොර ඇද ඇද නිදනා උපාසක සීයලාය.සමහර උපාසක අම්මලා බන පටන් අරන් සුලු මොහොතකින් ඔලුවෙන් අඩගසන්නා මෙන් ඔලුව වන වන කඩාවැටෙමින් ඇස් පියමින් ,අරිමින් නොනිදා සිටීමට මහත් වෑයමක් ගන්නෝය.තවත් සමහරෙක් ගේමෙන් බන අහනවා මෙන් මනෝ පාරක් ගහන ගමන්ය.අන්තිමට ඇහුව බනකුත් නැත.තරැණ ගෑනු ලමයි ,තරැන පිරිමි ලමයින්ගේ බැල්මේය.සැබෑ ආදරය පන්සලේදී වුවද හමුවිය හැකියැයි යන්න ඔවුන් සිතා ඉදිති.ඉගිබිගි, ඇස් වලින් කතා කිරීම් මැද ඔවුන් අතරේ වෙනම කතාවක්ය.මැදි වයස් උපාසක අම්මලාගේ ලිද ලග සංගම් පෝදාට නැතුවාම නොවේ.බන කියූ හාමුදුරුවන්ගේ වැරදි ,දානේට ගෙනත් තිබූ ආහාර වල අඩුපාඩු,දානේ ගේනාපු අය ගැන ,අනික් උපාසක අම්මලා ගැන ඔය අතරේ ඊයේ රෑට කෑව කෑම ගැන, අල්ලපු ගෙදර ඊයේ රෑ ඇසුන ගාලගෝට්ටියේ පැටිකිරිය ආදී එකී නොකී මෙකී නිලනොලත් පුවත් ප්‍රචාරනය ජයටම කරන් යන්නට මොවුන් වගබලා ගන්නෝය.තවද පොඩිම ඈයො ටික සරම කරේ දමාගෙන උතුරු සලුව ඉනේ ඔතාගෙන දුවමින් පනිමින් වලිපිට වලි දමමින් පන්සලේ හතර මායිමෙනුත් එහාට ගොස් ගස් ගල්වල බඩගාමින් හිරි ඇරගන්නෝය.ඒවා දකින උන්ගේ අම්මලාගේ කටවල් වලට නිවනක් නැත.කේන්තිය ඉහවහා ගොස් ඔවුන්ගේ සීලයද ටිකෙන් ටික කැඩෙනු ඇත.පොඩි උන් මෙල්ල කරන්නට නම් හාමුදුරැවන්ට වේවැලත් සමග වඩින්නට වෙනවාමය.මේ සියල්ල බලා සිටිමින් හනේ හප්පොච්චියේ යැයි හූල්ලන පිරිසකුත් ඉන්නෝය.දවල් දානෙන් පසුව සියල්ලෝම වාගේ බුදි මතේය.හවස තේ වේලෙහිදී ඇසෙන්නේ කල්ලි ගැසී සාකච්චා කරන බන පද නම් නොවේ...ශාලාව පුරා දෝංකාර දෙන සිරික්කියන්ය. හවස් වරැව නම් ගෙවෙන්නේම සිල් පවාරණය ගැන සිතමින් කල් යවමින්ය.
ඉතිං මේ බුදුන් වැඩිය මග ඔස්සේ යන මිනිසුන්ය.මාසේ දවස් තිහෙන් ප්‍රතිපත්ති පූජාවට වෙන් කෙරෑ දවසෙවත් වෙනස් නොවී ප්‍රතිපත්ති රකින්නට බැරි බෞද්ධයන්ය.එදා දවසත් මේ ආකාරයෙන් ගත කරනවා නම් ඔබත් ගෙදර සිටියාට කම් නැත.බොරැවට සිල් රැකීමෙන් පලක් නැත.මෙලොවටත් එලොවටත් ලැබෙන දේකුත් නැත.පන්සල් ගිහින් අටසිල් රැකීමට ප්‍රථම ගෙදර වැද කියනා පන්සිල් රැකීමට පුරුදු වන්න.එය ඔය කාගෙත් ඇගට ගුණය
Comments
Post a Comment