මෝඩ නුවර ( පද්‍ය)

 


කවිඳු නවෝද්
ශාස්ත්‍ර පීඨය
කොලඹ විශ්වවිද්‍යාලය


ගිනිගත් සිත්බිත් මිනිසුන්         වෙතටයී

 පොහොසත් කම් නම් රජයන   හැඩයයී

ලොව හැම මිනිසා එක ලේ           පාටයී

මිනිසත් කම නම් වියැලෙන      ලකුණුයි


ලෝකය ගෝලයී මිනිසුන්           විවිධයී

එක මව් තලයේ බෙදීම්           දෙවිදියයි

ඇති දා හිනැහෙන නරපණු      ගහනයි

නැති දා දුක් බොන මනුසත්       නුවරයී


පාට ඔපය පිට ඔපේට              ලකුණුයී

සුදට පිරුවටම පැසසුම්           බෝමැයි

සුදෙන් වසාගත් කුණු ගොඩු      දුගදයී

කුණු බව දැනදැන වළදන           රෑනයි 


සතුට නිවෙන්නට තත්පර           ගානයී

දුකක් නිවන්නට සිනහව           කදිමයී

එක වගේ හිත් නම් රටටම          සාරයී

මේ නුවරේ නම් නැති දේ             මේවයී

                         

                                 

Comments

Popular posts from this blog

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)