කොලිවුඩ් විකටරූපය යලි සිහිකැදවන පරාජිත ත්‍රස්තවාදයේ නොස්ට්‍රැල්ජියාව

 



සම්පත් බණ්ඩාර 
සීවලි මධ්‍ය විද්‍යාලය 
රත්නපුර

   

   

       

හිටපු ප්‍රබල ත්‍රස්තවාදී  නායකයෙකු වන කරුනා අම්මාන් ස්වකීය තීරනාත්මක දේශපාලන භූමිකා පරිවර්තනය ලැබූ මුල්කාලයේ ප්‍රසිද්ධ පුවත්පතකට කියූ සංවේදී  කතාවක් මට නිරන්තරයෙන් සිහිවේ. ඔහුට අනුව යුද්ධයේ තීරනාත්මක අවදියේදී නැගෙනහිර පලාත තුල පමනක් එල් ටී ටී ඊ සංවිධානය වෙත බලහත්කාරයෙන් බදවාගත් ලමා සොල්දාදුවන් ගනන හැට දහසකට ආසන්නය. ඒ ගනන් බැලිල්ලේ ඉදිරි පියවර සැලකූවිට  2009 මැයි මාසයේදි යුද්ධය අවසන් වනවිට ඒ හැටදහසින් අවම වශයෙන් හයහත් දාහක් වත් ජීවතුන් අතර නොසිටින්නට ඇතැයි මට සිතේ . යුද්ධයේ අවසාන කාලය එතරම්ම බිහිසුනුය. ලොමු ඩැහැගන්වන සුලුය. ඔබටත් ඒ වග යාන්තමින් හෝ මතක ඇතැයි සිතමි. නමුත් මෙහි ඛේදනීයම තත්වය වනුයේ මේ සාතිශය විශාල අති බහුතර මරන සංඛ්‍යාතයම නොවේ. වරක් ජෝශප් ස්ටාලින් පැවසූ පරිදි එක් මරනයක් ඛේදාන්තයක් වුවත් මරන ලක්ශයක් යනු නිකම්ම සංඛ්‍යාතයක් පමනි. කොපමන තිත්ත උනත් ඒ කතාව ඇත්තය. මේ කතාවේ සැබෑම ශෝකාලාපය නම්  මේ මරනකරුවන් හැට දහසේ පරාසය තුල නියෝජනය වන යන්තන් හය හතර ගනින්නට දැනගත් පුංචි කොල්ලන්ගේ කෙලි පැටික්කියන්ගේ සිට ( අවුරුදු 7 - 9 ) කරදඩු උස් මහත් වූ නව යොවුන් වියේ කොල්ලන් කෙල්ලන් ( අවුරුදු 13 - 16 ) වනතාක් වූ ලමා සොල්දාදුවන් කිසිවෙකුගේ කෙස් රොදක් වත් ඔවුන්ගේ මරනින් පසු ඔවුන්ගේ මව්දෙමව්පියන් වෙත නොලැබීමය. ඔවුන්ට ලැබුනේ තම පවුල මහවිරු පවුලක් ලෙසට උසස් කල බවට එල් ටී ටී ඊ සංවිධානයෙන් නිකුත් කල කඩදාසි කැබැල්ලක් පමනි. අම්මාගේ අතට එවැනි ලියුමක් ආ විට මේ නොකියා කියන්නේ තම ආදරනීය දියනිය හෝ පුත්‍රයා ත්‍රස්තවාදී ගිනිදලු මැද අන්තවාදී ආශාවන් වෙනුවෙන් ජීවිතය පූජාකල කතාව බව ඇය දැනගනී. නමුත් ඇගේ දරුවාගේ ප්‍රාන නිරුද්ධ මලකද චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර කිරෙන් නහවා චිතකයක ලා ආදාහනය කරන්නට හෝ එසේ ලබාගන්නා අලු ගංදියේ පාකර හරින්නට ඈට වරම් නැත . තමා දසමසක් කුසදරා මෙලොවට බිහිකල දරුවා සමූහ මිනීවලක් තුල භූමදාන වූ බව හෝ විටෙක ඒ කිසිදු මලදානයක් නැතුව කැලෑවක් අස්සේ කුනුවී පනුවන් ගසා වනසතුන්ට භෝජනයක් වන්නට ඇති බවට ඈට හිත හදාගන්නට සිදුවේ. අනික් අතට බොහෝවිට එකල පැවති  සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික පසුබිම හා සැලකීමේදී මේ අම්මලා සතුව තම දූ පුතුන් පිලිබදව ඇති එකම මතක වස්තුව වන්නට ඇත්තේ ද ඒ දරුවන් උපන් අලුත ස්ටූඩියෝවකට ගෙනගොස් ලබාගත් චායාරූපයක් දෙකක් , ඔවුන්ගේ සුවද තැවරුනු ඇදිවතක් පමනක් වියහැකි බව මගේ කියැවීමයි. ඒ අම්මෙක් තාත්තෙක් සතුව ඊටත් වඩා මතක වස්තුවක් ඉතිරිව තිබුනානන් සැබැවින්ම එය ඔවුන්ගේ පූරුවේ වාසනාවය.



සබද ඉදින් එක් මොහොතකට  අත්තූපනායික ධර්ම පරියායෙන් මේ ශාපය ඔබටත් ඔබේ දෙමාපියන්ටත් ආදේශ කරගන්න. එය කෙතරම් විසල් දුක්ඛ දෝමනස්සයක් විය හැකිද ? අහසේ තරු තරම්.. පොලොවේ වැලි තරම්.. මුහුදේ රල තරම්.. මේ කිසිදු අපරිමිත සංගහනයක් ඊට තුලනය කල හැකිවේවිද ?



එසේ වුවත් ඒ අම්මලා අදටත් ඒ වේදනාව ඒ ලෙසින්ම විදවයි. ඒ තාත්‍තලා ඒ වේදනාව ඒ ලෙසින්ම විදවයි. නැදෑ හිතවතුන්ද අඩු වැඩි වශයෙන් තවමත් ඒ කදුලු එලෙසින්ම වින්දනය කරයි. වරින් වර සමාජය තුල ඉස්මතු වන පරාජිත ත්‍රස්තවාදයේ නොස්‍ට්‍රැල්ජියාවේ සැබෑ රහස නන් මෙයයි. උනහපුලු අම්මාට උගේ පැටියා මැනිකකි.ඉදින් ත්‍රස්තවාදියාගේ අම්මාට ඇගේ දරුවාද මැනිකකි. දරුවා දරුවා වුවත් කොටියා වුවත් අම්මලාට දරුවා දරුවාමය.තාත්තලාට දරුවා දරුවාමය. දරුවන් ට ඉටුකරන්නට සිදුවූ අමානුශික රාජකාරී වල පිලිකුල් බව ඔවුන්ගේ හදවත් තුල යන්තමින් හෝ කෑමොර දෙනුඇත. නමුත් ඒ සියල්ල අභිබවා  ගොස් දකුනේ ප්‍රහාර හමුවේ දරුවා මියගිය විත්තිය පමනක් ඔවුන්ගේ ඔලුගෙඩි තුල උඩුදුවයි.අපි මොන වැරැද්ද කලත් අපේ අම්මලා තාත්‍තලා අපිව උනුවතුරෙන් නහවා සුද්ද කරනවා වාගේමය. අපේ වැරදි මොන තරම් දරුනු උනත් ඒවා ඉදිරියේ අපිම යලි අසරන වීම කරන කොටගෙන අපේ දුස්සමාහිතයන් සියල්ල අමතක කර අපටම අනුකම්පා කරනවා වාගේමය.



ඉදින් උතුරුකරයේ බහුතරයක් වූ ඔවුන් , තමිල්නාඩුවේ සැලකිය යුතු පිරිසක් වූ ඔවුන් තවමත් අපිට වයිර කරයි. ඇත්ත කතාව නම් දකුනේ පාසලක දමිල දරුවෙක්ට ඇති ඉඩකඩ හා නිදහස උතුරේ පාසලක් තුල තවම සිංහල දරුවෙක්ට නැත. දකුනට ආ දමිල තරුනයෙක්ට අතට අත දෙන්නට අපට ඇති ලෙන්ගතු හිත තවම උතුරේ තාරුන්‍යය තුල ගොඩනැගී නැත.



අවස්ථාවාදී දමිල දේශපාලනය ස්වකීය පටු අරමුනු වෙනුවෙන් මේ ජාතිවාදී ගිනිදලු වලට ගැලුම් පිටින් පෙට්‍රල් ඩීසල් වත් කරයි. දරුවන් සිහිකර හඩා වැටෙන අම්මලා තාත්තලාට දරුවා සිහිකර ඉටිපන්දමක් දල්වන්නට තිබූ අවුරුද්දේ එකම දවස ප්‍රභාකරන්ලාගේ ෆොටෝවලට මල්මාලා දමා යාපනය පුරා කොටින්ගේ කොඩි ඔසවන සැමරුම් දිනයක් බවට පත්කර උතුරේ ඉස්මොල ගිනි තැබුවේ දකුනේ ලේ රත් කෙරුවේ ඔවුන්‍ ය.



ඒ ගිනිකෙලි තවමත් දකුනු ආසියාව පුරා පුපුරු ගසයි.ඩයස්පෝරාකාරයින් එය යුරෝපාකරය පුරාවට පරාවර්තනය කරයි . මේ නොස්ට්‍රැල්ජියාවේ නවතම එපිසෝඩය දැන් කොලිවුඩ් සිනමා පටයක ස්වරූපයෙන් එලියට එනබව පෙනේ. දැන් මුලු ලෝකයම කතාවෙන Raging tiger සිනමා පටය වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවන වෘත්තාන්තයයි. එය ස්වාධීන කලා නිර්මානයක් පමනක් උනිනම් එය අපට නොසලකාහරින්නට ඉඩ තිබුනි. නමුත් නිර්මානකරුවන්ට අනුව එය ලොවට අහිමි වූ ශ්‍රේශ්ට දමිල ජනනායකයෙකුගේ වීර කාව්‍යයයි.ඒ  කියන කතන්දරය අප හිතනවාට වඩා  භයානකය. තමන්ගේ දරුවන් මරන මංචකයට ඇදදැමූ ත්‍රස්තවාදියා වීරයෙක් ලෙස සලකා ඒ ත්‍රස්තවාදයට විරුද්ධව මානුශීය මෙහෙයුමක් දියත් කල ලාංකේය රනවිරුවන් ද්‍රෝහීන් යැයි සලකන තරමට බහුතරයක් දමිල ප්‍රජාවගේ ඔලුගෙඩි සුද්ද වී ඇත. අමන ලෙස විකෘති වී ඇත. 800 සිනමාපටය සම්බන්ධයෙන් සේදුපතිට ආ ප්‍රතිවිරෝධයද මේ බිහිසුනු තත්වය පිලිබද මනා සාක්ශියකි.



ඉදින් මේ තත්වයට තවත් හූනු බිජුවක තරම් වත් අස්වැසිල්ලක් නොමැති නම් මොහොතින් මොහොත පිලිලයක් සේ උඩුදුවයි නම් තවත් මේ දේවල් දෙස නිහඩව බලාසිටිය යුතුද යන්න ප්‍රශ්නයකි. සිම්බාගේ පෝස්ට් එකට ලක්ශ ගනනින් හාහා රියැක්‍ට් දැමීම පමනක්ම ඊට ප්‍රමානවත් ද යන්න ඊටත් වඩා ප්‍රශ්නයකි. සමස්ථ දමිල සමාජයට යථාර්තය පහදා දී ඔවුන්ව මේ අන්ධකාරයෙන් මුදවා ගැනීමට අප වහ වහා කටයුතු කල යුතුය. එය කල යුත්තේ කෙසේද යන්න මෙවැනි පටු සංවාදයකට සීමා කලයුත්තක් නොවේ. ඊට වඩා මහා දැවැන්ත පරිමානයේ කථිකාවක් ඊට අවශ්‍ය වේ. අනික් අතට එය අපට කල හැක්කක්ද නොවේ.එය සිදුකල හැක්කේ රටේ පාලකයින්‍ට හා වගකිවයුතු බලධාරීන්‍ටය. නමුත් අවසන් වශයෙන් එක් ඉගියක් පමනක් ‍යෝජනා කරමි.උතුරේ දමිල සොයුරු සොයුරියන් අපෙන් ඈත් වුවත් කදුකරයේ දමිල රුධිරය තවමත් අප හා යාවජීව ලෙස අවියෝජනීය ලෙස බැදී ඇත. හැකිනම් කදුකරය උතුරත් දකුනත් වෙන් කරන භූ ගෝලීය සීමාවක් නොව උතුරත් දකුනත් යා කරන සංහිදියාවේ පාලමක් බවට පත්කරන්න.

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)