මැරිච්ච දස්කොන්ට රජ්ජුරුවන්ගෙන් පණිවිඩයක් ( පද්‍ය)




අමේෂ් උදයන්ග
ඉංජිනේරු පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය



අකුණු පාර වගේ සැරට කඩු මුවහත ලෙලදෙද්දි

බෝගම්බර දංගෙඩියත් උඹෙ රුහිරෙන් දිය වෙච්චි

වැලි කෙලියේ පටන් දැකපු මුදු හසරැලි සිහිවෙද්දි

සෙංකඩගල සිරි යහනෙත් මං විතරක් තනිවෙච්චි


බිසව් ඇවිත් යහන් ගැබට දුහුල් සාළු ඉහිරෙද්දි

හිතේ තිබුණේ විස්සෝපෙයි රාගය නෑ ඇවිලිච්චි

ප්‍රමිලා උබ ගැන හිත හිත හඟුරන්කෙත වැළපෙද්දි

දැනුණා මට පෙමක මහිම මං පරක්කු වැඩි වෙච්චි

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)