පුතේ! ( පද්‍ය)




සෙත්මිණි දිලේකා
ශාස්ත්‍ර පීඨය
කොලඹ විශ්වවිද්‍යාලය


හද්ද අබලන් වහලෙ පොල් අතු

ඉගිලිලා යයි හුළං කෝඩෙට

සද්ද දීලා වැටුණු බිඳු මැටි පොලොව ⁣

දියකර හැරියෙ වැස්සට

අප්ප උපයන කාසි සේරම සින්න කර 

මත් යකුගෙ සාපෙට 

ඉද්ද ගැහිලා පුතේ උඹ බැලුවාද

අහසේ හීන ඕසෙට


ශිල්ප දේවාලයක් හින්දයි යැවුවෙ 

උඹ පුර තක්සලාවට

අල්ප මතුරක් හිතුවෙ නෑ උඹ 

තල්ලුවේවියි මර අපායට

සල්ලි මිනිසත්කමත් සපිරුණ 

එකෙකු වේයැයි මවාගත්තට

අල්ලෙ තියලා දුම් අදින කොට 

හීන පිච්චුණි ඒ දුමාරෙට


                                      

Comments

Popular posts from this blog

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?