අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)





කවිඳු නවෝද්
ශාස්ත්‍ර පීඨ
කොලඹ විශ්වවිද්‍යාලය


සිනා පපුවට සෙනෙහෙ මහ ගොඩ

පුරන් ඇත අප්පච්චී...

ගතේ හයියට නැතත් හිත තුල

සෙනෙහෙ සගවයි අප්පච්චී...

ඔබේ කර උඩ බැලුව පෙරහැර

අදත් සිහිවෙයි අප්පච්චී..

ඇයිද අප තනිකර වැව්දියේ

සැගවුනේ මගේ අප්පච්චී ......


මලින් මල ගෙන පෝය දා

වෙහෙරලග කඩපිලෙ දා

විකුණලා අපි කෑවේ රසමුසු

නංගි අම්මත් එක්කලා...

එහෙත් අද නැ පාලු වී ඇත

හදවතත් පන්සල වගේ...

නෙලන්නට මල් බහිනවා මං

වැව් දියට මගේ අප්පච්චියේ....


මතු මතුත් මට සෙනෙහෙ වන්නට

අප්පච්චී ඉපදේවා

ආයෙ දවසක් එකට මේ ලෙස

අපි අපිව මුණ ගැහේවා...

අනේ කවදාවත්ම ආයෙත්..

යන්නෙපා මේ අපිව හැරදා.

අම්මා හීනෙන් පවා හඩනවා

අප්පච්චී නැති දුක දරා.....

                                         

Comments

Post a Comment