අවසන් වසර කළ පෙම් සටන ගිතය මගේ රහට
නඳුනි වීරසේකර
ශාස්ත්‍ර පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය
https://www.youtube.com/watch?v=FkEWSEnXHIw
මනුරංග විජේසේකර අතින් පද රචනය වූ සනුක වික්‍රමසිංහ නම් නව පරපුරේ ගායකයා ගායනා කරන අපූරු ගීතය රසික හදවත් මන්මත් කිරීමට සමත් වී තිබේ.පුද්ගලයාගෙන් පුද්ගලයාට රසවින්දන හැකියාව විවිධ වේ.ඇතමුන් සෑම ගීතයක්ම රසවින්දනය කළද ඇතමුන් එසේ නොවේ.මා පෞද්ගලිකව ආශා කරන මෙම ගීයට ඔබ ආශා නොකරනවා විය හැක.
"අවසන් වරට කල පෙම් සටන ළග මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළග මිහිදන් කලේ..."
මෙහි සඳහන් වන්නේ සරසවි ප්‍රේමයක් ගැන කතා පුවතකි.සඳහන් වන පරිසරය අනුව උපකල්පනය කළ හැක්කේ එය පේරාදෙණිය සරසවිය බවයි. *-”විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ”-* යන්නෙන් එය වැටහේ.සරසවි ජීවිතය යනු ඉතා නිදහස් සුන්දර කාල පරිචයකි.පාසල් ප්‍රේමයට බාධා කිරීමට බොහෝ අයවලුන් සිටියද සරසවි ප්‍රේමයට බාධා කිරීමට කවරෙකු හෝ නොවේ.එන තරුණයාට ජීවිතය වැරදී ඇත.ඔහු අවසන් වසර කළ ප්‍රේමයෙන් පරාද වූවෙකි.ඔහු අභිමුව දැන් ඇය නැත.සරසවි උයනේ ඔහු තනි වී ඇත.
බොහෝ දෙනාගේ මතය නම් මහවැලි ඉවුර පෙම් සුව විදින්නේ ප්‍රේමය අරඹයාම පමණක් නොව ඊට එහා ගිය රාගික හැඟිම් තෘප්තිමත් කරගැනීම ද උදෙසාය.තරුණයා මහවැලි ඉවුරේ ඔවුන්ගේ ප්‍රේමය මිහිදන් කර තිබේ. මොහු එවිට ඇය හා ගෙවා ඇත්තේ සත්‍ය ප්‍රේමයක්දැයි මට සිතේ.
රචකයා මුලින්ම මේ හේතුව මත මොහු තනි වූ බව පවසන්නේ නැත.තනි වූ හේතුව පවසන්නේ පසුවයි.එතුළින් ශ්‍රාවකයාගේ කුතුහලය උද්දීපනය වේ.
"නුබ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩී
ගිණි ගත් හදට රාගී සුවඳ දලු දැම්මා නිතී
වරහන් නොමැති ආදර ගීය නුබ ගැයුවේ බැඳී
නුබ කල පෙමට මා දුන් දුකම දැන් මා විදවමී..."
තරුණයා කෙසේ වුවද මැය නිසා උපන් ආලයෙන් දැවෙමින් සිටින බවක් මට හැගේ. *-”නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩී”-* ආදර කන්ද ලෙස අන්වර්ථ නාම ලත් හන්තාන කන්ද විශ්ව විද්‍යාල සිසුන් තුළ බොහෝ ජනප්‍රිය ස්ථානයකි.ඔහුට අනුව මොවුන්ගේ ආදරය එම කන්දටත් වඩා වැඩිය.ඔවුන් ගත කළේ රාගය මුසු ආදරයක් බව හැගෙන්නට මෙහි එන *-“ගිණි ගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිතී”-* ප්රමාණවත්ය.එසේම ඇම මොහු වෙනුවෙන් පුද කර ඇත්තේ වරහන් නොමැති ආදරයකි.එනම් තහනම් වැට කඩොලු නැති ආදරයකි. ගැහැණියක මෙලෙස අසීමාන්තිකව ආදරය කරනුයේ දැඩි විශ්වාසයකිනි.නමුත් ඒ වෙනුවෙන් ඔහු ඇයට දුන්නේ කුමක්ද??? රචකයා තවමත් එය නොපවසයි.නමුත් ඇගේ පෙමට දුන් දුකට ඔහු පෙරලා විදවන බව පවසයි.
"මල්වර නැකත වැරදී වුන්න ඇය හා මා බැදී
සංවර සසර ළග මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුබටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළග වුන්න කාලය වැරදුනී..."
රචකයා මෙම සිදුවීමට හේතුව පවසන්නේ ගීතය අවසානයේදීය. මල්වර නැකත වැරදී වුන් අයෙකු හා ඔහු බැඳී ඇත.මල්වර නැකත වැරදුන තැනැත්තියක් යනු අයාලේ යන්නියක් බව ගැමියෝ හඳුන්වති.ඔහු තමාට පණ මෙන් ආදරය කල පෙම්වතිය අතැර අයාලේ යන්නියක සමඟ බැදී තිබේ.පූජාසනය යනු බුදුන්ට මල් පහන් පුදන සථානයයි.එම පූජාසනය සේ දුටුව ලදට එරෙහි වූ වරදේ ප්‍රතිඵලය වූයේ ඔහුට හිමි වූ අවංක ආදරය අහිමි වීමයි.යට කී නැත්තිය මෙහු හා බැඳි ලෙසින්ම තවකෙකුට බැදුනා විය හැකිය.ඔහුට සියල්ල අවබෝධ වන විට ප්‍රමාද වැඩිය.ඔහුගේ අවංක ප්‍රේමිය මෙය දරා ගත නොහැකිව සියල්ල අතැර ගොස් හමාරය....
වර්තමාන සමාජය තුල බොහෝ සෙයින් සිදු වන ක්‍රියාවක් මනුරංගයන් අතින් අපූරු ලෙස ගීතයකට මුසු වී තිබේ.සනුක වික්‍රමසිංහයන් අපූරු ලෙස ඔහුගේ ස්වරයට එක් කර තිබේ.කාලෙකින් මා දුටු අපූරු කලා නිර්මාණයකි.
Comments
Post a Comment