මගේ පින්බර යශෝදරා ( පද්‍ය)




බුද්ධි ප්‍රබෝධණී කරුණාතිලක 
නීති පීඨය 
කොළඹ විශ්වවිද්‍යාලය



චන්ද්‍ර මණ්ඩලයක සතපන්නට නුඹ

වෙහෙස නොවෙමි මම...

කටු යහන අද්දර 

සගවන බව දනිමි නුබෙ කදුළු ......

රජ බොජුන් දිව සනසවන්නට

නැති නමුත් කාසියක් යහමින්

නිහඬ නුඹේ දිවිය

සනසයි මගේ දැවුණු සිත.....

ලෝ නිරයේ අග්නි වැහිකෝඩ

හද්වත දවද්දී 

සැනසුමක් විය නුඹේ වදනක් මා හට....

නැතත් උරුමය මාළිගාවක

නුඹම වේ යශෝදරාව 

මගේ දිවියම එකලු කල...........



Comments

Post a Comment