යළි වඩිනු මැන ( පද්‍ය)




චන්දූපා ජයාත්‍රි
සමාජ විද්‍යා පීඨය
කැළණිය  විශ්වවිද්‍යාලය



*කසාවතේ එළිය* 

*දහමේ සුවඳ*

*වැඩ හිදිති වේදිකාව මත*

*තේජසින්* .......

*අරගලය මැද මංමුලාව*

*අනිත්‍ය අමතකව*

*සොයා ගිය සුරසැප*.....

*පෙර හමා ආ සිල් සුවඳ*

*අද හමා එන සුළි සුලඟ*

*රුගෙන යාවි තව දුරට*

*පන්සලේ සිල් සුවඳ*

*එදා සල්පිල හුදකලාය අද*

*තාම මනරම්ය මතකය එහි*

*රටා මැවුණු සුදු වැලි බිම*

*රජ යැයි තණපඳුරැ සැ මළුව මත*

*පක්ෂ පාට අරගලය*

*එතරම්ම පියකරු ද? ස්වාමීනි*......

*පසුතැවිල්ලක්මය අවසානෙට එය*,

*විස පෙවුණු සමාජයෙන්*

*ඉවත් කෙරැමට වස විස*

*ඉක්බිතිව*,

*දහම ⁣පෝෂණය ට*

*පමා නොවී යලි වඩිනු මැන*

*සිල් සුවඳ රැගෙන*

*පන්සලට ස්වාමීනි*........



Comments

  1. ලස්සනයි බන්...ඉස්සරහටම යමූ...congratulations chandu💖

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)