කවකවදහරි පායාවි හිරු මඩල අපි හැමට( පද්‍ය)
බුද්ධි ප්‍රබෝධණී
නීති පීඨය
කොලඹ විශ්වවිද්‍යාලය
මහාචාර්ය ඒ .වී .සුරවීර මහතාගේ "අපටත් දවසක ඉර පායාදෝ "කෙටි කතාව ඇසුරිනි
කවදහරි පායාවි හිරු මඩල අපි හැමට
කියූ හැට් මතකයිනෙ අම්මා ඇවිදින් මෙමට
ඒත් කෝ තාම නෑ ඉරක් පෑයුවෙ අපට
කවදාද අම්මෙ ඉර පායන්නෙ අපෙ හිසට
ලැබු නිසා පාට කූරක් මටත් සෝමාගෙන්
අම්මාව දුටිමි මම ඇන්ද ඒ සිතුවමින්
නහර වැල් පෑදුනත් අම්මාගෙ සියොලගින්
ඔද වැටුනි අම්මෙ මම එදා ළද ඇගයුමින්
කියූ නිසා ඕනි යැයි පාට පෙට්ටිය අලුත්
ටෙස්ට් එකට යන්න බැ ගන්නැතුව ඒ කිසිත්
නොමැත්තෙන් කියන්නට නැති බැරිය කවුරුවත්
අම්මාට හැර මේවා කාට කියමිද තවත්
පුරෝගෙන කදුලු බිදු ඇස් දෙකේ තද කරන්
හාල් පොත තියාලා පාට පෙට්ටිය ගෙනත්
දුන්නු දිරි පාන්දර කුසගින්න නිවලමින්
නුඹ සිහින දකින්නැති සිත්තරෙක් ලෙස මමත්
හිටි ගමන් පන්තියට වනසිංහ මිස් ඇවිත්
ඇගෙ දුවව එක්ක යයි අතින් අල්ලන් තදින්
පසු පසේ ඩෙස් කබල උරුම .උනු මගෙ නෙතින්
කදුලු බිදු ඇද වැටුනි හීන ඔක්කොම දුරින්
අම්මා කියූ විදියටම ඉන්න පුළුවන් බලන්
පායනා තෙක් දිනක අපි හැමට නව ඉරක්
හිරු නැතුව අපෙ හීන බොද වෙලා මියැදුනත්
ඉන්නව්ද අම්මෙ ඔබ මන් ළග ම එදාටත්
Comments
Post a Comment