අභිසාරිකා ( පද්‍යා)




නඳුනි වීරසේකර 
ශාස්ත්‍ර පීඨය 
කොලඹ විශ්වවිද්‍යාලය.


වුනා වත්සුණු හැඩට සැරසී

දෙතොල් පෙති මත පාට තැවරී

කොහි ගියේ තිබු හීන වියැකී

ජීවිතය නම් කිමැයි සිතුනී


මත්ව ඹමනා රැගුම් හලකී

රත්ව ගිය නෙත් සඟල පෙනුනී

සුවඳ තැවරුණු සයන මතදී

මල් කැකුල ගියෙ තැලී පොඩිවී


සොයුරු කැළ ගැන මැවී පෙනුනී

වුන්ගෙ දුක්ගිනි සිතට දැනුනී

නෙතඟ කදුලක් කඩන් වැටුනී

දැඩි කරන් සිත සනස ගත්තී


දෙනෝ දහසක් අතෙහි රැදුනී

නමුත් සැමියෙකු නැතැයි පෙනුනී

ඇගේ ලැම නම් ලොවට පෙනුනී

ලයේ ගිණිදැල් දෙවියො නොදනී

 

      

Comments