දිනයක අවසානේ ( පද්‍ය)
ඉමල් සතිර ගුණතිලක
ඉංජිනේරු පීඨය
රුහුණු විශ්‍වවිද්‍යාලය
මන්දාරම් පිනි පොද මත
ආදරයේ උල්පත වන
මා වෙනුවෙන් හිරබත් කන
මගේම පණ අම්මා
කරනා ලද මගේ වරදට
වැරදිකරුවා ඇය වන බව
වලකාලා අගේ මාවත
තීරණ ගත් අම්මා
හැරදාලා ගිය පියාද
නැති වූ අපේ ගේ ඉඩමද
අශීර්වාදය ලෙස ගෙන
විරීය පිරි අම්මා
අද දින නිදහස ලැබුනද
බෙර හඩ රැගුමන් රැගුවද
පොල් බිද ගමනක යෙදුනද
නෑ නිදහස් අම්මා

Comments
Post a Comment