නිදිකුම්බරාවී෴ ( පද්‍ය)

 



සෙත්මිණි දිලේකා
ශාස්ත්‍ර පීඨය
කොලඹ විශ්වවිද්‍යාලය

නටුව පිරි කටු අග පිපී

බඹර නෙතකට නොම ගැටී

විදාහල මත් සුවඳ නැති මල

නුඹයි නිදි කුම්බරාවී


ඉඳ හිටක බැල්මක් පාවෙලා

රහසින් නුඹට විත් ඉඟි කලා

නුඹේ සියුමැලි ගතම විලියෙන්

මලානිකවී හැකිලුණා...


රෝස මානෙල් පිච්ච බිසවුන්

ඔහේ පිපුණාවේ දිලී

මගේ දෙනයන නිවන එක මල

නුඹයි නිදිකුම්බරාවී...


                         

Comments

Popular posts from this blog

අම්මා හීනෙන් පවා හඩනවා - අප්පච්චි නැති දුක දරා ( පද්‍ය)

අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)

ජංගම දුරකථනය භාවිතය ගැන ඔබ ඇත්තටම දැනුවත්ද?