ඇගේ නඩුව ( පද්‍ය)
කවිඳු නවෝද්
ශාස්ත්‍ර පීඨ
කොලඹ විශ්වවිද්‍යාලය
කිරි පුසුම ලැම පුරා තෙත් වී...
දොරෙ යන්නට පෙරදි මත්තෙන්....
බැදුණු බැමි සිද බිද දමන්නට
නුඹට සිත් වුණු අරුමෙ පුදුමෙන්....
ගංදියට වැඩි වුණෙක වැහිදිය
දෝරෙ යන්නට ඉවුර බිදිමින්..
දෑගිලිව බැද ගෙතුණු පොරුව
මැවුනි මට මේ විත්ති කොටුවෙන්...
ගෙලේ බැද රන් මාල විසිතුරු
හැඩ වුණේ සුදු සළුව දවටන්...
හිරුත් සදු එක මතට පත් වී
ලෙසක සේ සැරිසැරුව ගමනින්...
මිය නොගිය හිත් මත වසන්තය
ආයෙ ගී නම් නොවේ රහසින්
දෙඇස සළුවෙන් බැදී තිබුනත්
ඇය කියයි වෙන්වීම මුදුවෙන්
බඹර විෂ තුඩ උරා මල් පැණි
ලොබ බැදෙන අන් මල්මතින්...
නුඹේ තුඩ මත බැදෙන මල් සුව
විදිනු ඇත නුඹ නුඹට රිසියෙන්..
එවැණි මල් ලොව සුවද මල් වී
කුමට පිපෙනුද නැවුම් සුවදින්...
තුරුළු වන්නට අදුරු දොරගුළු
විවර වෙනු මැන හිසට ඉහලින්...
Comments
Post a Comment