රසිඳු සශ්‍රීක ඉන්ජිනේරු පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉස්සර නම් තනියම බස් එකේ නැගල කොහෙ හරි ඇවිදල රෑ වෙද්දි ආයෙ ගෙදර එන එක මගෙ පුරුද්දක්. ඉතින් මේක ට්‍රැවලින් පිස්සුවක් කියන්නද වෙන මොකක් හරි කියන්නද කියල මට තේරෙන්නෙ නෑ. කොහොම හරි කැම්පස් එකේ වැඩවලට හිරවෙලා නිවාඩුවක් නැති වෙනකල්ම මං කොළඹ විතරක් නෙවෙයි. නුවරඑලිය, වැලිමඩ, හම්බන්තොට, මාතර, කළුතර වගේ ගොඩක් තැන් මේ විදිහට තනියම කවර් කරල තියනවා. මේ සිදුවීම වුණෙත් ඔය වගේ ඇවිදින්න යන්න හිතුණ දවසක. ඒලෙවල් ඉවර වුණාට පස්සෙ මං කරපු කොම්පියුටර් කෝස් එකක සහතිකයක් ගන්න මොරටුවට යන්න කියල එදා ගෙදරින් පිටත් වුණේ. සහතිකේ හවස පහට කලින් ගන්න පුලුවන්නෙ. ඉතින් මට හිතුණා පුරුදු විදිහට උදේ කොළඹ පැත්තෙ රවුමක් දාන්න. පුරුදු විදිහට පානදුරෙන් බැහැල මොරටු යන්න ගාලුපාරෙ බස් එකක නගින්නෙ නැතුව හෙමින් හෙමින් පානදුර කෝච්චි ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ගියෙ මගෙ දවසේ සංචාරය තව ටිකක් හොඳ කරගන්න. ගිහිල්ල පානදුරේ ඉඳලා කොටුවට ටිකට් එකකුත් ගත්ත කියමු. ගාල්ලෙ ඉඳල එන එක්ස්ප්‍රස් කෝච්චිය එදා ටිකක් පරක්කුයිද කොහෙද. මන් ඉතින් පලවෙනි වේදිකාවට වෙලා කෝච්චිය එනකල් බලන් ඉන්න මිනිස්සු අ
Great mcho
ReplyDelete