දෝනිගේ වැඩ ( පද්‍ය)
ඉමල් සතිර ගුණතිලක
ඉංජිනේරු පීඨය
රුහුණු විශ්‍වවිද්‍යාලය
පාට කූරූ රූප මවන
ගෙන හැඩවැඩ කරයි මුණ
දුවට චිත්‍රයක් අදින්න
මගේ මුණ වැඩ පොතක්ද
බලාන හිද අම්මගේ වැඩ
තොල හැඩවැඩ කරයි රතට
රූප මවා ඇග වටේට
මගේ මැණිකේට දැන් සතුටුද
කවදාවත් යට නොවිච්ච
විහිලු කාරයෙක් නොවිච්ච
හෙන ආඩම්බරයෙන් සිටිච්ච
මම දැන් හරි වෙනස් නේද

Great mcho
ReplyDelete