Posts

මට බෑ දෙමළෙන් ලියන්න ( පද්‍ය)

Image
  අමේෂ් උදයන්ග ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිච්ච කැකුළු බැඳි කෙහෙරැළි  ගමන් තාලයට පැද්දෙන යාල් දේවියෙන් උතුරට එන්න කියනවා අලි මංකඩ තොට කොණකින් පපුව ගැහෙන තාල අහන් ඉර බැස යන අහස බලන් හිඳිමු කියනවා  දීපාවලි හඳ හොරාට  ගිතෙල් පහන් පත්තු කරන් දේවී එක්ක මහ කෝවිල් එන්න කියනවා ආසයි දෙවියන් වඳින්න  උබට ඇහැකි කැළණි එන්න  කැඩිච්ච පාළම අලුතෙන් බඳිමු ද දෙන්නා

ගාගත් සීලය

Image
  සෞභාග්‍යයා ජයසිංහ හෙද ශිශ්‍යා නූතන සීලය කවුරැත් කතා නොකරනා මාතෘකාවක්ය.අපි ඒ ඔස්සේ කතාව ආරම්භ කරමු. බුදුන් වැඩි මග ඔස්සේ යන  මහත්ම මහත්මීන්ගෙන් අනෙක් දින වලදී හිස් වූ පන්සල් මාසේ පෝදාට පිරී ඉතීරී යයි.. වැඩිමනක් සිල් ගැනීමට ආ උපාසක උපාසිකාවන්ය...මම අද ඔවුන් ගැන කතා කිරීමට කැමැත්තෙමි .උදේ රැයින් නැගිට සුදු පිරැවෙන් ඇද උතුරැ සලුවද කරේ දමාගෙන විග විගහට පන්සල වෙත පැමින බන සාලාවේ මුල්ලක්,බිත්තියේ අයිනක් අල්ලා ගන්නේ සුවපහසුවට බන ඇසීමටය..සියල්ලෝම මේ කොටසට අයිතියයි මා පවසන්නේ නැත.බහුතරයක් මෙසේය.තමන්ට අවශ්‍ය තැන නැතිකල බන සාලාවේ වලිය.පැදුරැ බෙදා ගැනීමට, එලා ගැනීමට ගියකලත් වලිය.කෙසේ හෝ හිද ගැනීමටත් තැනක් හදා ගත්තාට පසුව සියල්ලෝම අටසිල්හි ,දසසිල්හි පිහිටුවන්නේ පන්සලේ නායක හාමුදුරුවෝය..දැන් හරි නම් පන්සලට උදේ පැමිනි පුද්ගලයා නොවේ.සීලයේ පිහිටුවීමෙන් පසුව චරිතය වෙනස් වේ. පැය කීපයක් යනතුරු පන්සල් ආවේ කුමකටදැයි සිහි තබාගෙන වැඩ කරයි.බුද්ද පූජාව සූදානම් කිරීම තරම් පිනක් මිහිපිට නැතියැයි සිතන උපාසක අම්මලාගෙන් පන්සලේ දාන සාලාව පිරී යයි.එතන එකම යුද පිටියකි.සියල්ලන්ගේම ඒකායන අරමුන වන්නේ බත් හැ...

හිරැත් සැගවී යයි ද නොකියම ( පද්‍ය)

Image
W.A.මදුෂි නිමන්තිකා හෙද ශිශ්‍යා ඉර මුදුන් වෙයි රෑ දවල් වෙයි වැසි වසියි අැළදොළ ගලයි කිසිදු වෙනසක් නොවුන ගානට මහ මුහුදෙ රැළි ගොඩට එයි නමුදු කම්පා වීය මිහිකත කොරෝනා නම් වෙෙරසය ළඟ දහස් ගණනක් මිනිස් ජීවිත මාරයා ළඟ තුරැලු වන විට අැසෙයි දසදෙස වැලපුමක හඬ දෙසවනෙහි තත් සලිත කරවන දැනුණ දිනයක විපතෙ සැරකම හිරැත් සැගවී යයි ද නොකියම..

වැස්ස

Image
සම්පත් බණ්ඩාර  සීවලි මධ්‍ය විද්‍යාලය  රත්නපුර  මහා බ්‍රහ්මයා ලෝකය මවද්දී එකට යාවී තිබුනු අහස හා පොලොව පස්සෙන් පහු පුපුරා දෙදරා ගිහින් ක්ශිතිජයෙන් එල්ලුනු පුංචි නූලක් පමනක් ඉතිරිව සදහටම වෙන්වී දුරස් වී ගියදා පටන් හිතේ දුක් ගින්දර වාවගනු බැරිම තැන මතක් වෙන මතක් වෙන හැම පාරටම හයියෙන් කෑ ගගහ අඩන්න පටන්ගත්තාලු අහස පොලොවට තම කදුලු බිදු වෑහෙන්න

පෙම්වතියකගේ ආදරය

Image
චන්දිම සුපුන්  නීති පීඨය  කොළඹ විශ්වවිද්‍යාලය නින්ද නැති රාත්‍රියක නින්ද අතරින් එබෙන ඔබයි නිදි කුමරිය මා මනස නිදි කරන දහක් කම් කටොලු මැද දැවෙන හදවත අසල ඔබයි සීතල සුළඟ මා හදට සුව ගෙනෙන අනන්තය දුටු යුගය නිමාවක් කරවන්න ඔබයි මග පෙන්වන්නි සත් සයුරු ජය ගන්න දහක් සෙනඟක් අතරෙ අතරමං වුණු හිතට ඔබයි සුමිහිරි ඇසුර දිවිතුරා සිත් ගත්ත  

සංසාර නදී තීරේ ඒදණ්ඩ සේ දිගාවී , දරුවන් නමින්ම පේවී අපි පෙරුම් පුරමු දේවි - රත්න ශ්‍රී විජේසිංහ

Image
ජයනි කෞශල්‍යා  ශාස්ත්‍ර පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය   සංසාරයේ භවයක් පාසා පතා ආ දාරක ස්නේහයෙන්  ඔද වැඩී දරුවන් නමින් පේ වුණි නම්  මව්නි පියාණෙනි ඔබ පමණයි සිහින සේයාපත් සිත්තම් කළ සිත්  වර්ණයන්ගෙන් පුරවාලූ සොඳුරු පන්හිඳ නුඹයි  බුදුරදුන් දෙසූ බණ පදයක් තරම් පින්බර, රුදුරු කතරට ඇද හැළෙන වර්ෂාවක් සේ සිසිල දනවන, අමාවක අහස සඳක් සේ සුපින්බර  සිදුහත් යශෝදරා කුලයේ,  පින්වන්තයයි තාත්තා පින්වන්තියයි අම්මා...

තමන්ගේ හීනෙට පන වගේ ආදරය කරන්න - ඔයා හීනෙ ලගට යන්නත් කලින්ම හීනෙ ඔයා ලගට එනවා සත්තයි

Image
සම්පත් බණ්ඩාර  සීවලි මධ්‍ය විද්‍යාලය  රත්නපුර  ජීව විද්‍යාත්මකව ගත්තම මිනිස්සුට ජීවත් වෙන්න ඕනි කරන්නේ මොනවාද කියලා ඇහුවොත් ඔබට ලේසියෙන්ම ඔක්සිජන් , ආහාරපාන : එහෙමත් නැත්නන් කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන් , විටමින් , කැල්සියම් ආදී වූ පෝශ්‍ය පදාර්ථ , ජලය වගේ අපූරු උත්තර පෝලිමක්ම දෙන්න පුලුවන්. සැකයක් නෑ දුර ගමන් සේවා බස් රථයක කොන්දොස්තර කෙනෙක් රූට් එක කියාගෙන කියාගෙන යනවා වගේ වේගෙන් ඔයත් මේ ලිස්ට් එක ලෑල්ලට පාගලා කියාගෙන කියාගෙන යයි. ඔව් ඔය දේවල් ටික තමයි අපිට මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය අවම අවශ්‍යතාවන් ටික. හැබැයි පොඩ්ඩක් මේ ගැන හිතන්න.  ඔක්සිජන් ටිකක් ආශ්වාස කරලා කාබන්ඩයොක්සයිඩ් ටිකක් ප්‍රාශ්වාස කරලා කෑම බීම ටිකක් අරන් ශරීරයේ ජීව ක්‍රියාකාරීත්වය පවත්වාගෙන ගිය පලියට අපිට කියන්න පුලුවන්ද අපි ජීවත් වෙනවා කියලා. ජීවිතය කියන්නේ නිකන්ම නිකන් අකුරු හතරක් නෙවෙයි. මේක මහ බරසාර වචනයක්. මේකෙ තේරුම අහසේ තරුකැට ගානටත් වඩා පොලොවේ වැලිකැට ගානටත් වඩා ලොකුයි. අපි සැබැවින්ම ජීවත් වෙනවනම් අනිවාර්‍යෙන්ම මිනිස්සු විදියට අන්න ඒ සද්දන්ත තේරුමට සාධාරනයක් වෙන විදියට ජීවත් වෙන්න ඕනි...