සම්පත් බණ්ඩාර සීවලි මධ්‍ය විද්‍යාලය රත්නපුර ජීව විද්‍යාත්මකව ගත්තම මිනිස්සුට ජීවත් වෙන්න ඕනි කරන්නේ මොනවාද කියලා ඇහුවොත් ඔබට ලේසියෙන්ම ඔක්සිජන් , ආහාරපාන : එහෙමත් නැත්නන් කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන් , විටමින් , කැල්සියම් ආදී වූ පෝශ්‍ය පදාර්ථ , ජලය වගේ අපූරු උත්තර පෝලිමක්ම දෙන්න පුලුවන්. සැකයක් නෑ දුර ගමන් සේවා බස් රථයක කොන්දොස්තර කෙනෙක් රූට් එක කියාගෙන කියාගෙන යනවා වගේ වේගෙන් ඔයත් මේ ලිස්ට් එක ලෑල්ලට පාගලා කියාගෙන කියාගෙන යයි. ඔව් ඔය දේවල් ටික තමයි අපිට මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය අවම අවශ්‍යතාවන් ටික. හැබැයි පොඩ්ඩක් මේ ගැන හිතන්න. ඔක්සිජන් ටිකක් ආශ්වාස කරලා කාබන්ඩයොක්සයිඩ් ටිකක් ප්‍රාශ්වාස කරලා කෑම බීම ටිකක් අරන් ශරීරයේ ජීව ක්‍රියාකාරීත්වය පවත්වාගෙන ගිය පලියට අපිට කියන්න පුලුවන්ද අපි ජීවත් වෙනවා කියලා. ජීවිතය කියන්නේ නිකන්ම නිකන් අකුරු හතරක් නෙවෙයි. මේක මහ බරසාර වචනයක්. මේකෙ තේරුම අහසේ තරුකැට ගානටත් වඩා පොලොවේ වැලිකැට ගානටත් වඩා ලොකුයි. අපි සැබැවින්ම ජීවත් වෙනවනම් අනිවාර්‍යෙන්ම මිනිස්සු විදියට අන්න ඒ සද්දන්ත තේරුමට සාධාරනයක් වෙන විදියට ජීවත් වෙන්න ඕනි. ජීවිතේ මෙහෙමයි කි