Posts

බම්බුවෙ සහෝදරයා ( පද්‍ය)

Image
චන්දිම සුපුන්  නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලය

නිදිකුම්බරාවී෴ ( පද්‍ය)

Image
  සෙත්මිණි දිලේකා ශාස්ත්‍ර පීඨය කොලඹ විශ්වවිද්‍යාලය

දිනයක අවසානේ ( පද්‍ය)

Image
ඉමල් සතිර ගුණතිලක  ඉංජිනේරු පීඨය රුහුණු විශ්‍වවිද්‍යාලය

ඇගේ නඩුව ( පද්‍ය)

Image
කවිඳු නවෝද් ශාස්ත්‍ර පීඨ කොලඹ විශ්වවිද්‍යාලය

යළි වඩිනු මැන ( පද්‍ය)

Image
චන්දූපා ජයාත්‍රි සමාජ විද්‍යා පීඨය කැළණිය  විශ්වවිද්‍යාලය

අභිසාරිකා ( පද්‍යා)

Image
නඳුනි වීරසේකර  ශාස්ත්‍ර පීඨය  කොලඹ විශ්වවිද්‍යාලය.

නව ඇමරිකානු ජනාධිපති පත්වීම හා එය ලංකාවේ දේශපාලන ආර්ථික තත්වයට ඇතිකරන බලපෑම

Image
සම්පත් බණ්ඩාර  සීවලි මධ්‍ය විද්‍යාලය  රත්නපුර

කවකවදහරි පායාවි හිරු මඩල අපි හැමට( පද්‍ය)

Image
බුද්ධි ප්‍රබෝධණී  නීති පීඨය  කොලඹ විශ්වවිද්‍යාලය 

ඉදින් රජුනි ( පද්‍ය)

Image
  චතුනි ජයසේකර, නැගෙනහිර විශ්වවිද්‍යාලය , ත්‍රීකුණාමල මණ්ඩපය, කළමනාකරණ අධ්‍යනය පීඨය,

පරිසරය ද ? තාක්ෂණය ද?

Image
ඉසුරු ලක් රුවන් ශාස්ත්‍ර පීඨය  කොළඹ විශ්වවිද්‍යාලය

බාගෙ බෝතලේ ( පද්‍ය)

Image
W.A.මදුෂි නිමන්තිකා හෙද ශිශ්‍යා රැපියල සත එකතු කරන් පෝලිමෙ යනවා භාගෙ බෝතලේ අරගෙන ගෙදරට එනවා ළමයි ලපටි ඇස් මානේ එහෙ මෙහෙ යනවා උගුර උගුර වක් කරගෙන සින්දු කියනවා ඇයි තාත්තෙ හැමදාමත් මෙහෙම අහනවෙ පාඩම් වැඩ කරන්න මහ ගොඩක් තියනවා මේ සද්දෙට මගෙ වැඩ ටික අත පසු වෙනවා ඒ විතර ද ගමේ උනුන් බැන බැන යනවා අම්මා කුස්සියෙ ලිප ළඟ වරැව ගෙවනවා කඩෙ අප්පම් ටික හදලා දවස ගෙවෙනවා අතට ලැබෙන සොච්චම මහ හුඟක් වටිනවා හැංඟුවෙ නැත්නම් එ්කත් බෝතල් වෙනවා..

ලද දෙයින් සතුටු වෙමු

Image
සෙත්මිණි දිලේකා ශාස්ත්‍ර පීඨය කොලඹ විශ්වවිද්‍යාලය බුද්ධ දර්ශනයේ විතරක්ම නෙමෙයි.හැම ආගමකම ඉගැන්වෙන පොදු කාරණයක් තමයි ලද දෙයින් සතුටු වීම.හැබැයි බහුතරයක් මිනිසුන්ට නැත්තෙත් මෙන්න මේ දේම තමයි.මොකද්ද මේ සන්තුස්සකෝ ගුණය කියන්නෙ ⁣එහෙමත් නැත්නම් ලද දෙයින් සතුටු වීම?           අපි නිතරම පුරුදු වෙලා ඉන්නෙ අපිට අහිමි දේවල් ගැනම හිත හිත විස්සෝප වෙන්න.අඬන්න.තැවෙන්න.මනසින් වැටෙන්න.සෘණ සිතිවිලි ආරෝපණය කරගන්න.හැබැයි බොහෝදෙනා යොමු වෙන්නෙ නැහැ තමන් සතුව පවත්නා දේ ගැන සතුටු වෙන්න.පවත්නා දෙයින් සෑහීමට පත්වෙන්න වගේම එතුලින් සාඩම්බරව ජීවිතයේ ඉදරියට යන්න.සොම්නස ජීවිතයට ආ⁣⁣⁣රෝපණය කරගන්න.මෙකී දුර්වලතාවය හින්දම තමයි බහුතරයක් දෙනාට සතුට මෙච්චරම දුර. හරි, මම ඔබෙන් ඇහුවොත් ඔබට මොනවද නැත්තෙ කියල ඔබ විවිධාකාරයේ පිලිතුරු ලබාදේවී. *මට ගොඩක් මුදල් නැහැ *මට යාන වාහන නැහැ *මට විශාල සුඛෝපබෝගී නිවහනක් නෑ                මෙන්න මේ වගේ පිළිතුරු.මෙතෙක් වේලා ඔබ ඔබව සන්සන්දනය කළේ ඔබට වඩා පොහොසත් අයෙක් සමඟ.ඔබට ඇත්තටම මුදල් තියනවා.ජීවත්වෙන්න නිවසක් තියනව.හැබැයි ඔබේ...

කොලිවුඩ් විකටරූපය යලි සිහිකැදවන පරාජිත ත්‍රස්තවාදයේ නොස්ට්‍රැල්ජියාව

Image
  සම්පත් බණ්ඩාර  සීවලි මධ්‍ය විද්‍යාලය  රත්නපුර                 හිටපු ප්‍රබල ත්‍රස්තවාදී  නායකයෙකු වන කරුනා අම්මාන් ස්වකීය තීරනාත්මක දේශපාලන භූමිකා පරිවර්තනය ලැබූ මුල්කාලයේ ප්‍රසිද්ධ පුවත්පතකට කියූ සංවේදී  කතාවක් මට නිරන්තරයෙන් සිහිවේ. ඔහුට අනුව යුද්ධයේ තීරනාත්මක අවදියේදී නැගෙනහිර පලාත තුල පමනක් එල් ටී ටී ඊ සංවිධානය වෙත බලහත්කාරයෙන් බදවාගත් ලමා සොල්දාදුවන් ගනන හැට දහසකට ආසන්නය. ඒ ගනන් බැලිල්ලේ ඉදිරි පියවර සැලකූවිට  2009 මැයි මාසයේදි යුද්ධය අවසන් වනවිට ඒ හැටදහසින් අවම වශයෙන් හයහත් දාහක් වත් ජීවතුන් අතර නොසිටින්නට ඇතැයි මට සිතේ . යුද්ධයේ අවසාන කාලය එතරම්ම බිහිසුනුය. ලොමු ඩැහැගන්වන සුලුය. ඔබටත් ඒ වග යාන්තමින් හෝ මතක ඇතැයි සිතමි. නමුත් මෙහි ඛේදනීයම තත්වය වනුයේ මේ සාතිශය විශාල අති බහුතර මරන සංඛ්‍යාතයම නොවේ. වරක් ජෝශප් ස්ටාලින් පැවසූ පරිදි එක් මරනයක් ඛේදාන්තයක් වුවත් මරන ලක්ශයක් යනු නිකම්ම සංඛ්‍යාතයක් පමනි. කොපමන තිත්ත උනත් ඒ කතාව ඇත්තය. මේ කතාවේ සැබෑම ශෝකාලාපය නම්  මේ මරනකරුවන් හැට දහසේ පරාසය තුල නියෝජනය වන යන්තන...

කාබනික වගාව මහාපරිමාණයෙන් ලංකාවේ කල හැකිද?

Image
  P.M.S.ලහිරු විමලතුංග  හාඩි උසස් තාක්ෂණ ආයතනය අම්පාර  විශේෂ කෘෂිකාර්මික පුහුණු ශිෂ්‍ය, උද්‍යාන බෝග පර්‍යේශන සහ සංවර්ධන ආයතනය  පේරාදෙණිය . ඔබ අප කවුරුත් දන්නවා ලංකාවේ ඉතිහාසයේ කෘෂිකාර්මික ආර්ථිකයක් තිබූ බව..ඒත් ඒ කාබනික පරිසර හිතකාමී කෘෂිකර්මය අද වෙද්දි වෙනස් වෙලා වාණිජකරණය වූ ලෝකයත් එක්ක ඇයි කලින් තිබ්බ කාබනික කෘෂිකර්මය අදට වලංගු නොවන්නේ. 1.අද වෙද්දි ලංකාවෙ ආහාර සංස්කෘතිය වෙනස් වෙලා කලින් තිබූ ආහාර සංස්කෘතියට වඩා 2.අද වෙද්දි විකල්ප ආහාර ගොඩාක් තියෙනවා ප්‍රධාන ආහාර වේල් වලට. උදා:-පාන්,රොටී,තෝසේ,ආප්ප,... 3.යැපුම් කෘෂිකර්මය කරන රටක් විදියට කාබනික වගාවක් මගින් ලැබෙන ආදායම අඩුවීම සහ වියදම අධික වීම.ලාභ අඩු වීම. 4.අඩු මිලට බෝග එලවලු පලතුරු ,සහල් තියෙද්දී කාබනිකයි කියල වැඩි මිලට බහුතරයක් මිනිස්සු මිලට ගන්න මැලි වීම මීට අමතර ගොඩාක් ගැටලු  තියෙනවා මේ කාබනික වගාවක් මහා පරිමාණයෙන් කරගෙන යද්දී ඇතිවෙන අස්වැන්න අඩුවීම,ලෙඩරෝග වලට ප්‍රතිකාර විදියට ගන්නා කාබනික දේවල් සුලභ නොවීම සහ අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් නොවීම. ඒ වගේම තමයි කෘෂිකාර්මික අස්වැන්නක් දීර්ඝකාලීන ව ගබඩා කරන්නට බැරිව...

සැම විටම ප්‍රතික්ෂේප වන ඇත්ත

Image
චන්දූපා ජයාත්‍රි සමාජ විද්‍යා පීඨය කැළණිය  විශ්වවිද්‍යාලය ඇත්ත ඇත්ත විදියට පිලිගන්න අපි ඇත්තටම අකමැතිද? මෙහෙම ප්‍රශ්නයක් අපිට ලැබුනොත් අපි දෙන උත්තරේ මොකක්ද ? බොහෝ දෙනා කියයි නැ අපි ඇත්ත පිලිගන්න කැමතියි කියලා .ඒත් මං හිතනවා ඒ උත්තරය ඇතුලේ කියාගන්න බැරි බොහෝ දේවල් හැංගුවා කියලා.ඇත්තටම අපි යථාර්ථය පිලිගන්න මෙච්චරටම අකමැති ඇයි? දැස් මිදුම් පටලයකින් වේලාගෙන බොරුවෙන් ජීවත්  වෙන්න හදන්නේ ඇයි? ඇත්තටම දෙයක් ඇත්ත කියලා පිලිගන්න අපි කැමති ඒ දේ අපි බලාපොරොත්තු වෙන විදියටම වුනොත් විතරයි .ඔව් ඒ තමයි මිනිස් සිතේ ස්වභාවය .අපි හිතන විදියට ම ඒ දෙය වුනොත් පසිදුරන්ම ප්‍රිති වි එය ඇත්ත කියලා පිලිගන්න අපි සුදානම් .ඒත් ඒ විදියට නොවුනම අපි සිතින් මවා ගත්ත හීන ලෝකේ බොරුවත් එක්ක මුලා වෙලා ව්‍යාජ සතුටක් එක්ක ජිවත් වෙනවා.ඒත් බොරුවකින් සිත සනහා ගන්න ජීවිත කාලෙටම පුලුවන් ද? බැහැ.අපි හිතන දේම හැම වේලාවේම සිදුවෙන්නේ නැහැ.ඒත් ඒ ඇත්ත පිලිගන්න අපි සුදානම් වෙන්න ඕන.නැත්නම් බොරුවෙන් සිත සනහගෙන ඇත්තට බයේ ජීවත් වෙන්න ඕන.විසදුම ඔබ සතුයි. ජිවිතේ විදිනව ද විඳවනවද  කියලා තිරණය කරන්නත් ඔබටම බාරයි .පිලිගන්න , අප...

අවසන් වසර කළ පෙම් සටන ගිතය මගේ රහට

Image
නඳුනි වීරසේකර  ශාස්ත්‍ර පීඨය  කොළඹ විශ්වවිද්‍යාලය https://www.youtube.com/watch?v=FkEWSEnXHIw මනුරංග විජේසේකර අතින් පද රචනය වූ සනුක වික්‍රමසිංහ නම් නව පරපුරේ ගායකයා ගායනා කරන අපූරු ගීතය රසික හදවත් මන්මත් කිරීමට සමත් වී තිබේ.පුද්ගලයාගෙන් පුද්ගලයාට රසවින්දන හැකියාව විවිධ වේ.ඇතමුන් සෑම ගීතයක්ම රසවින්දනය කළද ඇතමුන් එසේ නොවේ.මා පෞද්ගලිකව ආශා කරන මෙම ගීයට ඔබ ආශා නොකරනවා විය හැක. " අවසන් වරට කල පෙම් සටන ළග මා පැරදුනේ අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළග මිහිදන් කලේ..." මෙහි සඳහන් වන්නේ සරසවි ප්‍රේමයක් ගැන කතා පුවතකි.සඳහන් වන පරිසරය අනුව උපකල්පනය කළ හැක්කේ එය පේරාදෙණිය සරසවිය බවයි. *-”විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ”-* යන්නෙන් එය වැටහේ.සරසවි ජීවිතය යනු ඉතා නිදහස් සුන්දර කාල පරිචයකි.පාසල් ප්‍රේමයට බාධා කිරීමට බොහෝ අයවලුන් සිටියද සරසවි ප්‍රේමයට බාධා කිරීමට කවරෙකු හෝ නොවේ.එන තරුණයාට ජීවිතය වැරදී ඇත.ඔහු අවසන් වසර කළ ප්‍රේමයෙන් පරාද වූවෙකි.ඔහු අභිමුව දැන් ඇය නැත.සරසවි උයනේ ඔහු තනි වී ඇත. බොහෝ දෙනාගේ මතය නම් මහව...

දෝනිගේ වැඩ ( පද්‍ය)

Image
ඉමල් සතිර ගුණතිලක  ඉංජිනේරු පීඨය රුහුණු විශ්‍වවිද්‍යාලය පාට කූරූ රූප මවන  ගෙන හැඩවැඩ කරයි මුණ  දුවට චිත්‍රයක් අදින්න  මගේ මුණ වැඩ පොතක්ද  බලාන හිද අම්මගේ වැඩ  තොල හැඩවැඩ කරයි රතට  රූප මවා ඇග වටේට  මගේ මැණිකේට දැන් සතුටුද  කවදාවත් යට නොවිච්ච  විහිලු කාරයෙක් නොවිච්ච  හෙන ආඩම්බරයෙන් සිටිච්ච  මම දැන් හරි වෙනස් නේද       

ඇමරිකානු බල පෙරළිය ලෝක දේශපාලනයට බළපාන ආකාරය

Image
අසිඳු  මුණසිංහ  නීති පීඨය  කොලඹ විශ්වවිද්‍යාලය මේ ලෝක දේශපාලනයේ සංක්‍රාන්ති සමයකි.  එමෙන්ම අතිශය උණුසුම් කාලවකවානුවකි. ලෝක බලවතා තෝරාගැනීමට covid වසංගතය මධ්‍යයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය ඇමරිකානු ඉතිහාසයේ වැඩිම ඡන්දදායක ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය ලෙස ඉතිහාසගත වෙමින් දැන් අවසන් වී ඇත. ජනපති Trump පරදා හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණය ජයගෙන ඇත. එහෙත් ජනපති Trump තවමත් තම පරාජය පිළිගෙන නැති බව ඔහුගේ ෆේස්බුක්, ට්විටර් ගිණුම් පරීක්ෂා කරන ඕනෑම අයෙකුට සක්සුදක් සේ පෙනේ. " ඔවුන් අපේ ජයග්‍රහණය සොරා ගත්තා"  මේ ට්‍රම්ප්වාදී republican කඳවුරෙන් ඇසෙන චෝදනාවයි.  නෛතිකව Biden ජනාධිපතිවරණය ජය ගෙන ඇත. ඇමරිකානු ජනතාව ජනපති Trump ට  විවේක දී ඇත. දැන් දැන් ඇමරිකාව තුල මෙන්ම ඉන් පරිබාහිරවද  බයිඩන් ඩෙමොක්‍රැටික් ප්‍රතිපත්ති හිස ඔසවමින් පවතී. ඇමරිකානු බල පෙරළිය ලෝක දේශපාලනයට නන් අයුරින් බලපෑම් කරනු ඇත. ඇතැම් විට ලෝක දේශපාලනය උඩු යටිකුරු කරනු ඇත . ට්‍රම්ප් බලයට පැමිණ ඉතා කෙටි කලක් තුළ  "පැරිස් සම්මුතියෙන්" ඉවත් වන බව පැවසීය. ඒ එය  'මිල අධික ප්‍රෝ...

කලියුගය ( පද්‍ය)

Image
G.D.රුක්ෂාන් මධුශංක ගුණරත්න  සම සෞඛ්‍ය විද්‍යා පීඨය පේරාදෙණිය විශ්ව විද්‍යාලය #කොසොල් රජු දුටු සිහින දහසය ඇසුරෙනි. ඝන වැහි වලාවන් අහසේ දිස්වෙනවා ගොවියෝ ගොවිතැනට සූදානම් වෙනවා වේලෙන්නට දැමූ දෑ ගෙට ගොඩවෙනවා එනමුදු වැහි වලාවන් ඉවත්ට යනවා වියතක් පමණ උස ගස්වල මල් පිපිලා සිතනට නොහැකි තරමට ලොකු ඵල හැදිලා ආශාවන් වැඩි වෙලා ආයුෂ අඩුවීලා දරුවන් බිහිකරති අඩු වයසින් බැඳලා ගරුසරු නොදැක්වයි තම කුල දෙගුරුන් හටවත් බැල මෙහෙවර කරයි දරුවන් ළඟ මාපියනුත් එලෙසින් දාසියන් ලෙස සේවය නොකලොත් නැත සැලකුමක් මාපියනට තම දරුවන්ගෙනුත් සිටිනා නමුත් වියතුන් රට තුළ පිරිලා නැත කිසි තනතුරක් වගකීමක් දීලා නිලතල ඇමතිකම් බාලයනට පාලා රට තුල පාලනය මහ අවුලක් වීලා අධාර්මික පාලකයන් රජ වෙනවා නීතිය වල් වැදී ඇත අයුක්තිය මතුවෙනවා නීතිය රකින මහතුන් අල්ලස් කනවා මේ කලියුගයෙ හැටි බුදු හිමි බණ දෙසුවා සිටි සැපසම්පතින් වැජඹීලා අද දවසේ පිරිහී යනවාලු සම්පත් හෙට දවසේ කල හැකි යමක් නැතිකොට දරුවන් නිවසේ ධනවත් හොරුන් සමඟින් සරණට යයි පහසේ සම් පට රැගෙන අඹරන ලණුවක් වෙහෙසේ එය කා දමයි සිවලා එසැණින් නොවෙමින් අලසේ එලෙසින් ස්වාමියා උපයන දෑ වෙහෙසේ වියදම් ...

මෝඩ නුවර ( පද්‍ය)

Image
  කවිඳු නවෝද් ශාස්ත්‍ර පීඨය කොලඹ විශ්වවිද්‍යාලය ගිනිගත් සිත්බිත් මිනිසුන්         වෙතටයී  පොහොසත් කම් නම් රජයන   හැඩයයී ලොව හැම මිනිසා එක ලේ           පාටයී මිනිසත් කම නම් වියැලෙන      ලකුණුයි ලෝකය ගෝලයී මිනිසුන්           විවිධයී එක මව් තලයේ බෙදීම්           දෙවිදියයි ඇති දා හිනැහෙන නරපණු      ගහනයි නැති දා දුක් බොන මනුසත්       නුවරයී පාට ඔපය පිට ඔපේට              ලකුණුයී සුදට පිරුවටම පැසසුම්           බෝමැයි සුදෙන් වසාගත් කුණු ගොඩු      දුගදයී කුණු බව දැනදැන වළදන           රෑනයි  සතුට නිවෙන්නට තත්පර           ගානයී දුකක් නිවන්නට සිනහව           කදිමයී එක වගේ හිත් නම් රටටම          සාරයී මේ නුවරේ නම් නැති ද...