තිසංජා සුබසිංහ නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලය කාන්තාව වනාහි සාහිත්‍යයේ ද, දේශපාලනයේ ද, සමාජයේ ද, ආදරයේ ද , යන්නා වූ වපසරියන් ගණනාවක සංකීර්ණ ප්‍රස්තුතයක් වූ, මනුෂ්‍ය වර්ගයෙහි ලිංගිකත්වය මත පදනම් ව පුරුෂයන්ගෙන් අන්‍ය වූ වර්ගය යන්නට වඩා එහායින් ගිය, සංකල්පයකි. ඉහත කී සෑම ක්ශේත්‍රයකම කාන්තාව පුරුෂයාට සාපේක්ෂව සංකීර්ණභාවය ජීව ගුණයක් ලෙස උරුම කරගෙන ඇත . එනම් පුරුෂයාට වඩා විචාරයට භාජනය වන හැඩතල ගණනාවක් කාන්තාවන් තුළ දක්නට ඇති බව පෙනේ . එෆ්. ඩබ්ලිව් බෙයින් ගේ " A Digit of the moon" හින්දු පෙම් කතාවේ සිංහල අනුවාදය වූ "සඳ රේඛාව" කෘතියෙහි මහා බ්‍රහ්මයා විසින් කාන්තාව මැවීම අපූර්ව ලෙස විග්‍රහ කොට ඇත. "........ඔහු හදේ වටකුරු බව ,ලිය වැල්වල ඇති නම්‍ය බව, වැල්වල, පහුරු වල ඇති යම් අගට එල්බ ගැනීමේ හැකියාව ,තණ පත් වල තිබෙන චලිත භාවය , බට ගස් වල තිබෙන සිහින් බව ,මලක විකසිත භාවය ,ගසක පත්‍ර වල ඇති සැහැල්ලු බව ......" යනාදී වශයෙන් දක්වා ඇත. ඉහත උද්ධෘතය කාන්තාවන්ගේ එක් පැතිකඩක් වන මධුර භාවය සාහිත්‍ය තුළ සංකල්පයක් බවට පත්වී ඇති ආකාරය මැනැවින් නිරූපණය කරයි . ඉහත දැක් වූ ආකාරයට පූ